පිහි ඇනුමකින් පාසල් සිසුවියක් මරුට

පිහි ඇනුමකින් බරපතළ තුවාල ලබා සිටි පාසල් සිසුවියක් අද ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කන්තලේ, අග්බෝපුර, පේරමඩුව ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවියකි.

මෙම පාසල් දැරිය පිහි ඇනුමට ලක්ව ඇත්තේ සිය නිවසේ සිටියදීය.

පෙම්වතා බවට අනාවරණය වී ඇති තරුණයෙකු සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පිහි ඇනුම සිදුවන අවස්ථාවේ දැරියගේ මවද නිවසේ සිට ඇති අතර සැකකාර තරුණයා එම නිවස තුළ සැඟවී සිට මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවට පොලිසිය සැකපළ කරයි.

බරපතළ තත්වයේ පසුවූ දැරිය රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අද ජීවිතක්ෂයට පත්ව තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති 17 හැවිරිදි වියේ පසුවන තරුණයා කන්තලේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 9 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37