පිහියෙන් ඇනලා මාමාව මරලා – පුතා පොලිසියට ඇවිත් භාරවෙයි

පිහියෙන් ඇන තම මාමාව ඝාතනය කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුව ගත් බව මදුරන්කුලිය පොලිසිය පවසනවා.

ඊයේ (30) රාත්‍රියේ මදුරන්කුලිය, කඩයාමට්ටේ, කිලාමඩුචේන ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා 55 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නැගණියගේ පුත්‍රයා වන අතර, වයස අවුරුදු 37ක අයෙක්.

සැකකරු අධික ලෙස මත්පැන් පාලනය කර අඩ නිරුවතින් පැමිණ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ දරුවෙකුගේ නිවසට ගොස් කලහකාරී ලෙස හැසිරී තිබෙනවා.

එය සමථයකට පත් කිරීම සඳහා ඝාතනයට ලක් වූ පුද්ගලයා එහි පැමිණ ඇති අතර, එම අවස්ථාවේ දී සැකකරු සඟවාගෙන සිටි පිහියකින් ඔහුට ඇන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම අවස්ථාවේ දී පිහි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් තිබෙනවා.

සිද්ධියෙන් පසුව සැකකරු තවත් අයෙකු සමඟ පැමිණ පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් මදුරන්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33