පිහිබියා ගසකින් වියලි වැටෙන කොළ අතු, බේරුවල පුද්ගල ඝාතනයකට මුල් වෙයි

බේරුවල ,බණ්ඩාරවත්ත ප්‍රදේශයේ ආසන්න නිවෙස් දෙකක දෙපිරිසක් අතර සිදු වූ ආරවුලකින් එක් නිවසක පුද්ගලයෙකු තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබියදී අද (20)අලුයම මියගොස් ඇතැයි බේරුවල පොලිසිය පවසනවා.

මෙම නිවෙස් දෙකෙහි පිරිස එක් නිවසක තිබෙන ගසකින් වියළි වැටෙන කොල අතු හේතුවෙන් කලක පටන් ආරවුල් ඇතිකරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඩී .සුනිල් ඩයස් නැමැති 59හැවිරිදි දෙදරු පියෙක්.

මාස හයක කාලයක පටන් එක් වත්තකින් අනිත් වත්තට වැටෙන පිහිඹියා ගසක වියළි වැටෙන කොළ මෙම මරණයට හේතු වී ඇතැයි පරීක්ෂණ සිදුකරන බේරුවල පොලිසිය පවසනවා.

ගැටුම ඇති වූ අවස්ථාවේ සිදු වූ තල්ලු කිරීමකදී යාබද තාප්පයේ වැදී සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මියගිය පුද්ගලයා බේරුවල රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මිය ගොස් සිටින පුද්ගලයා වෘත්තියෙන් වෙළෙඳසැලක් පවත්වන අයෙකු බවත් මෙම සිද්ධියට සම්බන්ධයෙන් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින සැකකරු බෝට්ටු මුරකරුවකු බවත් පොලිසිය පවසනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කළුතර නාගොඩ රෝහලේ දී සිදුකරනු ඇතැයි පොලිසිය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39