පිහිනුම් තටාකයේ තිබී හමු වූ කෝටිපති ව්‍යාපාරිකගේ බව කියන සිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය කල්යයි

පැලවත්ත ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක පිහිනුම් තටාකයේ තිබිය දී සොයාගත් කෝටිපති ව්‍යාපාරිකගේ බව කියන මළසිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම ලබන සඳුදා දක්වා කල් දැමුණා.

මළසිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (03) දින සිදුකිරීමට නියමිතව තිබුණ ද පවුලේ ඥාතීන්ට සිරුර හඳුනාගත නොහැකි බව ප්‍රකාශ කිරීමත් සමඟ එය ලබන සඳුදා දක්වා කල් දැමීමටයි තීරණය කළේ.

අතුරුදන් වූ ව්‍යාපාරිකයාගේ ඥාතීන් එම ස්ථානයට පැමිණ පවසා ඇත්තේ අදාළ සිරුර කෝටිපති ව්‍යාපාරිකයාගේ නොවන බවයි.

පසුගිය 30 වැනිදා සිටඅතුරුදන්ව සිටි 49 හැවිරිදි රොෂාන් වන්නිනායක නැමැති මෙම ව්‍යාපාරිකයාගේ බවට සැකකෙරෙන මළ සිරුරක් ඔහුට අයිති පැලවත්ත ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක පිහිනුම් තටාකයේ තිබිය දී පසුගිය 02 වනදා සොයා ගත්තා.

එය සොයාගන්න අවස්ථාවේදීත් හඳුනාගත නොහැකි ලෙස නරක්වී තිබු බවයි තොරතුරු වාර්තා වුණේ.

පසුගිය 30 වැනිදා සිට තම සොහොයුරා නිවසට නොපැමිණි බව සඳහන් කරමින් එම ව්‍යාපාරිකයාගේ සොහොයුරිය වැල්ලම්පිටිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශන වලදීයි ඔහුගේ බවට සැක කෙරෙන මෙම සිරුර සොයාගෙන ඇත්තේ.

අදාළ පුද්ගලයා අවසන්වරට සිය ව්‍යාපාරික ස්ථානයක් වෙත මෝටර් රථයෙන් ගොස් බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේ යතුර රැගෙන පැමිණ ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙම පුද්ගලයා ද සමඟ තවත් පුද්ගලයෙකු අදාළ නිවසට ඇතුළු වන ආකාරය සී.සී.ටී.වී. දර්ශනවල සටහන් වී ඇති නමුත් මෝටර් රථයේ නැගී නිවසින් පිටව ගොස් ඇත්තේ එක් පුද්ගලයෙකු පමණක් බවයි වාර්තා වන්නේ.

මේ අතර ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනය සහ මුදල් පසුම්බිය ද අස්ථානගත වී තිබෙන අතර, ඔහුගේ බැංකු කාඩ් පත් භාවිත කර ගුවන් ටිකට් පත් 2ක්ද මිලදී ගෙන ඇති බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

පරීක්ෂණ පවත්වන පොලිසිය පවසන්නේ සිද්ධියට සම්බන්ධ වූවන් විදෙස්ගත වී ඇත්තද යන්න පිළිබඳව සැකයක් පවතින බවයි.

මේ අතර ව්‍යාපාරිකයාට අයත් බව කියන මෝටර් රථය ඊයේ (03) මීගමුව ප්‍රදේශයේ ගරාජයක තිබී සොයාගෙන ගැනුණා.

එම රථය පසුගිය 31 වනදා රාත්‍රියේ ආපදා රථයකින් අදාළ ස්ථානයට රැගෙනවිත් ඇති බවයි විමර්ශන වලදී හෙළිවුණේ.

දැනට පරීක්ෂා කළ සී.සී.ටී.වී. දර්ශනවලට අනුව ආපදා රථය සමඟ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු එම ස්ථානයට පැමිණෙන ආකාරයත් මෝටර් රථය අදාළ ස්ථානයේ තබා ඔවුන් දෙදෙනා ද එම ආපදා රථයේම නැගී පිටව යන ආකාරයක් සටහන් වී තිබෙනවා.

මේ වනවිට අදාළ ආපදා රථයේ රියදුරු කොළඹ අපරාධ කොට්ඨාසය භාරයට ගෙන මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරණබවයි ආරක්ෂක අංශ ඊයේ (03) සඳහන් කළේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන සිදු කරන අතර, පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන සඳහා යොදවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22