spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පිලිපීනයේ ප්‍රබල භූ චලනයක්

දකුණු පිලිපීනයේ සිදු වූ රිච්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූමිකම්පාවකින් එක් අයෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මෙම භූ කම්පනයෙන් ගොඩනැගිලි රැසකට ද හානි සිදු වී ඇති බවයි පිලිපීන බලධාරීන් සඳහන් කළේ.

ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයට අනුව භූමිකම්පාව මින්දනාඕ දූපතට නුදුරින් කිලෝමීටර් 60ක් ගැඹුරින් සිදුවී තිබෙනවා.

මූලික වාර්තාවලට අනුව එක් අයෙකු මිය ගොස් තවත් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි භූ කම්පනය ආසන්නයේ වෙරළබඩ නගරයේ ග්ලැන් හි ආපදා ප්‍රතිචාර නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ.

භූ කම්පනයෙන් නගරයේ නාගරික කාර්යාල ගොඩනැගිල්ලට සහ ව්‍යායාම ශාලාවට ද හානි සිදුවී ඇති අතර විදුලිය ද විසන්ධි වී තිබෙනවා.

භූ කම්පන ක්‍රියාකාරකම්වලට ගොදුරු වන පැසිෆික් සාගරය වටා ඇති ගිනිකඳු තීරයක පිහිටා ඇති පිලිපීනයේ භූමිකම්පා බහුලව දක්නට ලැබෙනවා.

පිලිපීනයේ භූ කම්පන විද්‍යා ඒජන්සිය වන PHIVOLCS සහ පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේ මෙම කම්පනයෙන් සුනාමියක් අපේක්ෂා කළ නොහැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?