පිලිපීනයේ ප්‍රබල භූ චලනයක්

දකුණු පිලිපීනයේ සිදු වූ රිච්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූමිකම්පාවකින් එක් අයෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මෙම භූ කම්පනයෙන් ගොඩනැගිලි රැසකට ද හානි සිදු වී ඇති බවයි පිලිපීන බලධාරීන් සඳහන් කළේ.

ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයට අනුව භූමිකම්පාව මින්දනාඕ දූපතට නුදුරින් කිලෝමීටර් 60ක් ගැඹුරින් සිදුවී තිබෙනවා.

මූලික වාර්තාවලට අනුව එක් අයෙකු මිය ගොස් තවත් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි භූ කම්පනය ආසන්නයේ වෙරළබඩ නගරයේ ග්ලැන් හි ආපදා ප්‍රතිචාර නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ.

භූ කම්පනයෙන් නගරයේ නාගරික කාර්යාල ගොඩනැගිල්ලට සහ ව්‍යායාම ශාලාවට ද හානි සිදුවී ඇති අතර විදුලිය ද විසන්ධි වී තිබෙනවා.

භූ කම්පන ක්‍රියාකාරකම්වලට ගොදුරු වන පැසිෆික් සාගරය වටා ඇති ගිනිකඳු තීරයක පිහිටා ඇති පිලිපීනයේ භූමිකම්පා බහුලව දක්නට ලැබෙනවා.

පිලිපීනයේ භූ කම්පන විද්‍යා ඒජන්සිය වන PHIVOLCS සහ පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේ මෙම කම්පනයෙන් සුනාමියක් අපේක්ෂා කළ නොහැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52