spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පිලිපීනයෙන් අපට ලැබුණු සහනය

පිලිපීනය විසින් රටවල් 10කට සංචාරක තහනමක් පසුගියදා පනවා තිබු අතර එය මේවන විට ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම රටවල් 10 අතර ශ්‍රී ලංකාව ඇතුලත්ව තිබු අතර මෙම තහනම ඉවත් වීමත් සමඟ පිලිපීනයට අපට ඇතුලුවීමට හැකියාව ලැබෙනවා.අද (06) සිට එම තහනම ඉවත් කරනු ලබන බව පිලිපීන මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්ථානය, නේපාලය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, තායිලන්තය, ඕමානය, මැලේසියාව සහ ඉන්දුනීසියාව යන රටවලට පනවා තිබූ තහනම එලෙස ඉවත් වනු ඇත.සංචාරක තහනම ඉවත් කළ ද මෙම රටවලින් පැමිණෙන පුද්ගලයින් පිලිපීනයේ දින 14ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?