නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත හෙවත් පිල්ලෙයාන් අත් අඩංගුවට ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් මඩකලපුව ප්‍රදේශයේ රතිඤ්ඤා පත්තු කර සතුට සමරා තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ මඩකලපුව නගරයේ මෙලෙස රතිඤ්ඤා පත්තු කර ඇත්තේ ඊයේ (08) රාත්‍රියේ දී ඒ මහතා ව වාචිකරයි හි පිහිටි ඔහුගේ පක්ෂ මූලස්ථානයේ දී අත් අඩංගුවට ගත් බව සැලවීමෙන් අනතුරුව බවයි.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති රබීන්ද්‍රනාත් සුබ්‍රමනියම් අතුරුදන් කිරීම සහ තවත් පුද්ගලයින් පැහැර ගැනීම් සම්බන්ධයෙන් පිල්ලෙයාන්ට එරෙහිව සිදු කෙරෙන පරීක්ෂණයකට අදාළ ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස ඔහු ව අත්අඩංගුවට ගනු ලැබුවා.














Government must liberate tamil community from these criminals.