පිරිමි ළමයින් දෙදෙනෙකු අපයෝජනය කළ චීවරධාරියෙක් අත්අඩංගුවට

වයස අවුරුදු 16ක සහ 18ක පිරිමි ළමයින් දෙදෙනෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බව කියන චීවරධාරියෙකුව රිදීගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සැකකාර හිමි නම අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රිදීගම – පිහිඹුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ චීවරධාරියෙක්.

පිහිඹුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් පිරිමි දරුවන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කරන බවට කිසියම් අයෙකු නිර්නාමිකව වයඹ පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී තිබෙනවා.

අපයෝජනයට ලක් වන බව කියන දරුවන් දෙදෙනාගේ නම් ද එම ලිපිය ඔස්සේ හෙළිකර තිබෙනවා.

එම ලිපියේ සදහන් කරුණු පිළිබව සොයා බලා විමර්ශණයක් සිදු කරන ලෙසටයි නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් රිදීගම පොලිසියට දැනුම්දී ඇත්තේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ ඇති රිදීගම පොලිසියේ නිලධාරීන් ලිපියේ නම් සඳහන් පිරිමි දරුවන් දෙදෙනා සහ සිද්ධියට සම්බන්ධ බව කියන හිමි නම කැඳවා තොරතුරු ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නිර්ණාමික ලිපිය යවා ඇත්තේ ද සිද්ධියට මුහුණ දී ඇති පිරිමි ළමයින් දෙදෙනා විසින් බවයි.

2019 වසරේදී දහම් පාසලට සහභාගී වීමට පැමිණි අවස්ථාවක එක් දරුවෙකුට සහ පසුගිය ජූනි මස 02 වනදා අනෙක් පිරිමි දරුවාට ද හිමිනම විසින් ලිංගික අතවර සිදු කර ඇති බවට පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

අනතුරුව පිරිමි ළමයින් දෙදෙනාගේ ප්‍රකාශයන්ට අනුව සැකකාර හිමි නම අත්අඩංගුවට ගැනීමටයි රිදීගම පොලිසිය කටයුතු කර ඇත්තේ.

අතවරයට පත්වූ බව කියන පිරිමි දරුවන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට ද පොලිසිය කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48