පිරිමි මළ සිරුරක් පොදු වෙළඳ සංකීර්ණයක

කැකිරාව පොදු වෙළඳ සංකීර්ණයේ තිබී පිරිමි මළ සිරුරක් හමුවී තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ පොදු වෙළද සංකීර්ණයට මීටර් 75ක් පමණ ආසන්නයේ වූ ගරාජයක තාවකාලිකව ලැගුම්ගෙන සිටි බව කියන 77 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.

සිරුර සොයාගන්නා අවස්ථාවේ එහි යටි කය නිරුවත්ව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සුපුරුදු ලෙස වෙළඳ සංකීර්ණය ආසන්නයේ වූ ගරාජයක රාත්‍රි කාලයේ ලැගුම් ගන්නා බව කියන එම පුද්ගලයාගේ මළ සිරුර ඔහු ලැගුම් ගන්නා බව කියන ගරාජයට මීටර් 75ක් පමණ දුරින් වූ කැකිරාව පොදු වෙළද සංකීර්ණයේ බිම් මහලේ ඇති රථවාහන නැවතුම් අංගනයේ තිබී මෙලෙස සොයාගෙන තිබෙනවා.

එම මළ සිරුර තිබූ ස්ථානයේ තිබී යතුරු කැරැල්ලක්, වතුර බෝතලයක්, සහල් උර කිහිපයක් ද පොලිසිය සොයා ගෙන ඇතැයි සඳහන්.

මෙම අබිරහස් මරණය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් ද විමර්ශණයක් සිදු කළ අතර පොලිස් නිල සුනඛ අංශයේ සහය ද ඊට ලබාගෙන තිබෙනවා.

මිය ගිය පුද්ගලයා තාවකාලිකව ලැගුම් ගන්නා බව කියන ගරාජය ද මෙහිදී පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කෙරුණා.

සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පස්වරුවේ සිදු කළ අතර එහිදී පොලිසියට නියෝග කෙරුණේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධ මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසටයි.

ඒ අනුව අද පස්වරුවේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

මෙය ඝාතනයක් ද යන්න සැකයක් පවතින අතර කැකිරාව පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05