spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පිරිමි මළ සිරුරක් පොදු වෙළඳ සංකීර්ණයක

කැකිරාව පොදු වෙළඳ සංකීර්ණයේ තිබී පිරිමි මළ සිරුරක් හමුවී තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ පොදු වෙළද සංකීර්ණයට මීටර් 75ක් පමණ ආසන්නයේ වූ ගරාජයක තාවකාලිකව ලැගුම්ගෙන සිටි බව කියන 77 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.

සිරුර සොයාගන්නා අවස්ථාවේ එහි යටි කය නිරුවත්ව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සුපුරුදු ලෙස වෙළඳ සංකීර්ණය ආසන්නයේ වූ ගරාජයක රාත්‍රි කාලයේ ලැගුම් ගන්නා බව කියන එම පුද්ගලයාගේ මළ සිරුර ඔහු ලැගුම් ගන්නා බව කියන ගරාජයට මීටර් 75ක් පමණ දුරින් වූ කැකිරාව පොදු වෙළද සංකීර්ණයේ බිම් මහලේ ඇති රථවාහන නැවතුම් අංගනයේ තිබී මෙලෙස සොයාගෙන තිබෙනවා.

එම මළ සිරුර තිබූ ස්ථානයේ තිබී යතුරු කැරැල්ලක්, වතුර බෝතලයක්, සහල් උර කිහිපයක් ද පොලිසිය සොයා ගෙන ඇතැයි සඳහන්.

මෙම අබිරහස් මරණය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් ද විමර්ශණයක් සිදු කළ අතර පොලිස් නිල සුනඛ අංශයේ සහය ද ඊට ලබාගෙන තිබෙනවා.

මිය ගිය පුද්ගලයා තාවකාලිකව ලැගුම් ගන්නා බව කියන ගරාජය ද මෙහිදී පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කෙරුණා.

සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පස්වරුවේ සිදු කළ අතර එහිදී පොලිසියට නියෝග කෙරුණේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධ මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසටයි.

ඒ අනුව අද පස්වරුවේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

මෙය ඝාතනයක් ද යන්න සැකයක් පවතින අතර කැකිරාව පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?