පිරිමින්ටත් උපත් පාලන එන්නතක්

ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය (ICMR) විසින් ලොව ප්‍රථම වරට පිරිමි පුද්ගලයන්ට එන්නත් කළ හැකි උපත් පාලන ක්‍රමයක සායනික අත්හදා බැලීම් සාර්ථකව අවසන් කර තිබෙනවා.

එය කිසිදු බරපතල අතුරු ආබාධයකින් තොර වන අතර ආරක්ෂිත සහ ඉහළ කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

වයස අවුරුදු 25-40 අතර පුද්ගලයින් 303 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් මෙම තුන්වන අදියරේ සායනික පරීක්ෂණය සිදු කර ඇතැයි සඳහන්.

සායනික අත්හදා බැලීම් සිදු කිරීමට අවසර ලබා දී ඇත්තේ ඖෂධ පාලක ජනරාල්වරයා (DCGI) විසින් සහ අදාළ මධ්‍යස්ථානවල ආයතනික ආචාර ධර්ම කමිටු විසින්.

අධ්‍යයනයේ කොටසක් ලෙස, පවුල් සැලසුම් සායනයට සහ උපත් පාලන ශල්‍යකර්ම දෙපාර්තමේන්තුවට පැමිණි නිරෝගී, ලිංගිකව ක්‍රියාශීලී විවාහක පිරිමින් 303ක් සහ ඔවුන්ගේ නිරෝගී ලිංගික ක්‍රියාශීලී භාර්යාවන් හඳුනා ගෙන තිබෙනවා.

ඒ අනුවයි ඔවුන්ට එන්නත් ලබාදී ඇත්තේ.

ඉන්දීය අධ්‍යයනයට අනුව, දිනෙන් දින ඉහළ යන ලෝක ජනගහනයක් සමඟ, ජනගහන පාලනය සඳහා නවීන පුරුෂ උපත් පාලන ක්‍රම දියුණු කිරීමේ හදිසි අවශ්‍යතාවයක් පවතින බවටයි ප්‍රකාශ වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02