පිරිත් කියන තැන යකා නැටූ පාසල් සිසුන් 7ක් පොලිසියේ

පිරිත් පිංකමක් අතරතුර කලහකාරී ලෙස හැසිරුණු බව කියන කැකිරාව ප්‍රදේශයේ පාසැලක සිසුන් 07 දෙනෙකු කැකිරාව පොලිස් ස්ථානය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැකිරාව ප්‍රදේශයේ පාසැලක පැවැති පිරිත් පිංකමක් අතරතුර එම පාසලේම ඉගෙනුම ලබන සිසුන් පිරිසක් මෙලෙස කලහකාරි ලෙස හැසිරී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කලහකාරී ලෙස හැසිරී ඇති එම සිසුන් පාසැලේ ඉදිකර තිබූ පිරිත් මණ්ඩපයටද පහරදී අලාභ හානි කර ඇතැයි සඳහන්.

අදාළ සිසුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පොලිසියට කරන ලද දැනුම්දීමක් අනුව එම අවස්ථාවේ ප්‍රදේශයේ ජංගම මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ පාසැලේම 11, 12 සහ 13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් 07 දෙනෙක්.

ඔවුන් අවුරුදු 16, 17 සහ 18 වයස්වල පසු වනවා.

ගනේවල්පොල, කැකිරාව, කුඩා වැව, ඔලොම්බෑව පාර, මැදගම, මහ කැකිරාව සහ ගලපිටගල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම කලහකාරී සිදුවීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර කැකිරාව පොලිසිය තවදුරටත් ඒ සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14