පිරමීඩ ජාවාරමක් පුද්ගල ජීවිතයක් බිල්ලට ගනී

තංගල්ල, ගල්බොක්ක ප්‍රදේශයේ දී බහින්බස්වීමක් දුරදිග ගොස් පොල්ලකින් සිදුකළ පහරදීමකින් ඊයේ (13) රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 37ක තංගල්ල, ගොඩවැල්ලවෙල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා පිරමීඩ ජාවාරමකට යෙදවීමට මුදල් රුපියල් ලක්ෂ 20ක් සැකකරු වෙත ලබා දී ඇති අතර, ඒ පිළිබඳව විමසීමට සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේ දී මෙම පහරදීම සිදුකර ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

පහරදීමෙන් බරපතළ තත්ත්වයේ පසුවූ පුද්ගලයා රෝහල් ගතකළත් මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනය සිදුකළ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට තංගල්ල පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43