පිරමීඩ ජාවරම ගැන දැනුවත් කරන සතිය සිට අද ඇරඹේ

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුවත් කිරීමේ සතියක් අද (14) සිට ආරම්භ වනවා.

ඒ, අනුව මෙම සතිය ලබන 18 වනදා දක්වා ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ.

මෙම ජාවාරමට හසුවීම වැළැක්වීමට රජය විවිධ පියවර ගත් අතර, එහි තවත් පියවරක් ලෙසයි ‘අහෝ දුකකි, පිරමිඩ උගුලකි’ යන තේමාව යටතේ තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුවත් කිරීමේ සතියක් ප්‍රකාශයට පත්කර ඇත්තේ.

මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීමේ හා මුල්‍ය පාරිභෝගිකයින්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමේ මහ බැංකුවේ කාර්යභාරයන්ට සමගාමීව සමස්ත ආර්ථිකයට සිදුවිය හැකි සැළකිය යුතු අවදානම් පිළිබඳව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

  1. මට දැනගන්න පුළුවන්ද මහ බැංකුවෙන් තහනම් කරලා තියෙන පිරමීඩ ආයතනයක් වෙනත් නමකින් කරගෙන ගියොත් මොකද වෙන්නේ කියලා.මෙම ආයතනයට විරුද්ධව නඩුවකුත් යනවා ඒත් ඒවත් ගණන් ගන්නේ නැතිව වෙනත් නමකින් පටන් ඇරගෙන තියෙනවා.එහෙම කරන්න පුලුවන්ද?



අපගේ නවතම වීඩියෝ පුවත්