spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පිය පුතු ගැටුමට මැදි වූ අසල්වැසි තරුණයා ජීවිතක්ෂයට

නෙළුව, පින්කන්දහේන ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

20 හැවිරිදි තරුණයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

අසල්වැසි නිවසක පියෙකු සහ පුත්‍රයෙකු අතර ඇති වූ ආරවුලක් සමතයකට පත්කිරීම සඳහා ඔහු එම නිවසට ගොස් සිටිය දී අදාල තරුණයා තියුණු ආයුධයකින් පහර කෑමට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා මැදගම රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩුගම රෝහලට මාරු තිබෙනවා.

එහිදී මෙම තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?