පියුමි හංසමාලිගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට

නිරූපන ශිල්පිනි පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුව අද (13) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බවයි වැලිකඩ පොලිසිය සඳහන් කළේ.

රාජගිරිය, කලපළුවාව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් වන චෝදනාවකට පියුමි හංසමාලිගේ පුත්‍රයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට මේ වනවිට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.