spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පියුමි සහ චන්දිමාල් ඇතුලු පිරිසට පහසුකම් දුන් තරු පහේ හෝටලයටත් වැඩ වරදී – තවත් 11ක් සොයා පරීක්ෂණ

රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනියක වන පියුම් හංසමාලි ඇතුළු පිරිසකට නඩු පැවරූ සාදය සඳහා පහසුකම් ලබාදුන් තරු පහේ සුපිරි හෝටලයේ කළමනාකාරීත්වයට සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන්ට නිරෝධායන පනත යටතේ නඩු පැවැරීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.

චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි සමග එම උත්සව අවස්ථාවට සහභාගිවූ තවත් දොළොස් දෙනකු අධිකරණයට ඉදිරිපත්වූ පසු ඔවුන් පෞද්ගලික ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ විසින් නියෝග කර තිබුණා.

මෙම සාදයට පුද්ගලයන් 25ත් 30ත් අතර පිරිසක් සහභාගිවී ඇති අතර එම හෝටලයේ සී.සී.ටී.වී. දර්ශන මඟින් සැකකරුවන් 14 දෙනකු හඳුනාගෙන ඇති අතර තවත් 11 දෙනෙකු සෙසු හඳුනා ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

මෙම උපන් දින සාදය සඳහා හෝටලයේ කාමර කිහිපයක් කිහිපදෙනකු ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තාවී ඇති බවත් ඔවුන් එහි පැමිණ ඇති ආකාරය පිළිබඳව විමර්ශනය කෙරෙන බවත් පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?