ලංකා විදුලිබල මණ්ඩල පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන ලද පියැසි මත සූර්ය පැනල සවි කිරීමේ ක්‍රමවේදය (Rooftop Solar Scheme) යටතේ මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් 30 වනදා දක්වා විදුලි ඒකක මිලියන 483ක් ජාතික පද්ධතියට එක්කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව රට පුරා විසිරී සිටින පාරිභෝගිකයන් මෙම සුවිශේෂී ජාතික කාර්යය සඳහා ඔවුන්ගේ සහයෝගය ලබාදී ඇති බවයි මණ්ඩලය සඳහන් කළේ.
මෙහිදී සාම්ප්‍රදායිකව විදුලිය පාවිච්චි කිරීමේ ක්‍රමයෙන් බැහැරව නව තාක්ෂණික අත්දැකීමක් ලබා ගනිමින් ජාතික පද්ධතියට විදුලිය විකිණීමට පාරිභෝගිකයන් තිබීම අගය කළ යුතු බව මණ්ඩලය පෙන්වා දෙනවා.
විවිධ ඉංජිනේරුමය සහ තාක්ෂණික ගැටලු සඳහා විසඳුම් ලබාදෙමින් හැකි උපරිම ආකාරයෙන් සූර්ය පැනල පද්ධති ජාතික පද්ධතියට එක් කිරීමට කටයුතු කරන අංශවල දායකත්වය ද විදුලිබල මණ්ඩලය ඇගයීමට ලක්කර තිබෙනවා.














This project should be very good and also government should encourage the people.