spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පියාසර කළ හැකි මෝටර් රථවලට නිල අනුමැතිය හිමිවෙයි

කාර් එකක් නැගී පියාසර කිරීමට ඇති සිහිනය ඔන්න දැන් සැබෑ වෙලා. මේ වනවිට පියාසර කළ හැකි මෝටර් රථවලට ඒ සඳහා නිල අනුමැතිය ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒත් එසේ කිරීමට නම්, රියැදුරු බලපත්‍රයක් පමණක් නොවෙයි, ගුවන් යානා පියසැරි බලපත්‍රයක් ද තිබිය යුතුයි.

කුඩා අහස් යානාවක් ලෙස පරිවර්තනය වන මෝටර් රථයක්  පසුගිය දා ස්ලොවේකියා රාජ්‍යයේ දී දැඩි අධීක්ෂණය යටතේ  පැවති පියසැරියකට සහභාගී වුණු අතර, එය සාර්ථක බව පැවැසිණි.

පැය 70 කට අධික කාලයක් තිස්සේ දැඩි අධීක්ෂණය යටතේ  සිදුවුණු පියසැරි පරීක්ෂණ වලින් සමත් වී ආරක්‍ෂිත ගුවන් ගමනකට තම සමාගම නිපදවූ පියාඹන කාර් රථය  සුදුසු යැයි  සහතිකයක් ස්ලොවේකියා ගමනා ගමන අධිකාරියෙන් ලැබුණු බව ක්ලයින් විෂන් පවසා ඇත. මෙම සහතිකයත් සමග වාණිජ වෙළඳපොලට පැමිණීමට පියාඹන කාර් රථයට හැකියාව ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?