පියාසර කරමින් තිබූ හෙලිකොප්ටරයක් කඩා වැටී නේපාලයේ අනතුරක්

නේපාලයේ එවරස්ට් කඳුකර ප්‍රදේශයේ සිට විදේශීය සංචාරකයින් පිරිසක් රැගෙන ගමන් කරමින් තිබිය දී අතුරුදන් වූ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී ඇති බව වාර්තා වනවා.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී හෙලිකොප්ටර් යානය තුළ විදේශිකයින් පහක් සමඟ හයදෙනෙකු ගමන්කර තිබෙනවා.

එරට වේලාවෙන් අද (10) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම අනතුරින් යානයේ ගමන් ගත් මෙක්සිකානු ජාතික සංචාරකයින් පස්දෙනා සහ නියමුවා ලෙස කටයුතු කළ පුද්ගලයා මියගොස් තිබෙනවා.

මෙම සංචාරකයින් පිරිස ලොව උසම කඳු මුදුන වන එවරස්ට් නැරඹීමේ සංචාරයක නිරතව සිට ඇති අතර, එම සංචාරය අවසන් කරමින් කත්මණ්ඩු නුවර වෙත ආපසු යාමට නියමිතව සිටි බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ විශාල පිපිරීමක් සමඟ හෙලිකොප්ටරය කඩා වැටුණු බවත්, එය කඩාවැටුණු ස්ථානයේ ගින්නක් ද ඇති වූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57