spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පියාසර කරමින් තිබූ හෙලිකොප්ටරයක් කඩා වැටී නේපාලයේ අනතුරක්

නේපාලයේ එවරස්ට් කඳුකර ප්‍රදේශයේ සිට විදේශීය සංචාරකයින් පිරිසක් රැගෙන ගමන් කරමින් තිබිය දී අතුරුදන් වූ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී ඇති බව වාර්තා වනවා.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී හෙලිකොප්ටර් යානය තුළ විදේශිකයින් පහක් සමඟ හයදෙනෙකු ගමන්කර තිබෙනවා.

එරට වේලාවෙන් අද (10) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම අනතුරින් යානයේ ගමන් ගත් මෙක්සිකානු ජාතික සංචාරකයින් පස්දෙනා සහ නියමුවා ලෙස කටයුතු කළ පුද්ගලයා මියගොස් තිබෙනවා.

මෙම සංචාරකයින් පිරිස ලොව උසම කඳු මුදුන වන එවරස්ට් නැරඹීමේ සංචාරයක නිරතව සිට ඇති අතර, එම සංචාරය අවසන් කරමින් කත්මණ්ඩු නුවර වෙත ආපසු යාමට නියමිතව සිටි බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ විශාල පිපිරීමක් සමඟ හෙලිකොප්ටරය කඩා වැටුණු බවත්, එය කඩාවැටුණු ස්ථානයේ ගින්නක් ද ඇති වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
11
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?