spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පියාට සහ පුතාට ජීවිතය අහිමි කළ අනතුර

ආණමඩුව ලබුගල ප්‍රදේශයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් පියෙක් සහ පුත්‍රයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ බිරිඳ බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම තිදෙනා ගමන කළ යතුරුපැදිය නවතා තිබූ ලොරියක පිටුපස ගැටීමෙන් අනතුර සිදුවී ඇතැයි සඳහන්.

බරපතල තුවාල ලැබූ පිරිස පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පියා සහ පුත්‍රයා මියගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

තුවාල ලැබූ කාන්තාව පුත්තලම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මරණයට පත්ව ඇත්තේ නවගත්තේගම වෙලේවැව පදිංචි යුද හමුදා විශේෂ බළකායේ ලුතිනන්වරයකු වන 38 හැවිරිදි අයෙක්.

මියගිය පුත්‍රයා අවුරුදු 10ක අයෙක්. අනතුර සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?