“පියාගේ සිහිනය ජීවත් කිරීමේ වගකීම ඔබට භාරයි” – දුනිත් වෙනුවෙන් හිටපු ජනපති මහින්දගෙන් පණිවුඩයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියාගේ අභාවය පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය කණගාටුව පළකර තිබෙනවා.

දිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් හිටපු ජනධිපතිවරයා දුනිත්ට පවසන්නේ, ඔබේ පියාගේ සැබෑ වූ සිහිනය තව දුරටත් ජීවත් කරවීමට නම් ඔබ මේ සියල්ලටම ශක්තිමත්ව මුහුණ දිය යුතු බවයි.

ඒ වෙනුවෙන් තමා ද ඇතුළුව ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන මේ රටේ මෙන්ම ලෝකයේම ජනතාවගේ ආදරය සහ ආශිර්වාදය දුනිත් සමඟ සිටින බවයි හිටපු ජනධිපතිවරයා එහි වැඩිදුරටත් පවසා ඇත්තේ.

“මාගේ පියා අහිමිවීම සිදුවන්නේ මට වයස අවුරුදු 22 ක් වැනි ඉතාමත් තරුණ වයසේදීය. ඒ වන විට මා පසු වූයේ මාගේ ජීවිතයේ ආරම්භක අවස්ථාවේය. එහෙත් වයස 22 ක් වැනි ඉතාමත් තරුණ වයසේ දරුවෙක් ලෙස ඔබ දිනා ඇති දේ බොහෝමයි.
අපගේ සිහින සැබෑ කර ගැනීමේ සතුට තම දෙමාපියන් සමඟ බෙදාගැනීමට ලැබෙන්නේ අතලොස්සකට පමණි. එහෙත් ඔබ එම අතලොස්සට අයත් වාසනාවන්ත පුතෙකි. අප සාර්ථක වන විට එම ජයග්‍රහණය දකින්නට ඒ ජයග්‍රහණය වෙනුවෙන් බොහෝ දේ කැපකළ ආදරණීය දෙමාපියන් නොමැතිවීම අපව වේදනාවට පත් කරයි. මම එය විඳ ඇත්තෙමි. මාගේ ජයග්‍රහණ හමුවේ දෙමාපියන්ව සිතින් සිහිපත් කර ඇත්තෙමි. එහෙත් ඉතාමත් තරුණ වයසින් ඔබේ දෙමාපියන් ඉදිරියේම ඔබ දිනා ගත් දේ බොහෝමයි. ඔබ මාතෘ භූමිය නියෝජනය කරමින් මේ රටේ සැමගේ සිහින, බලාපොරොත්තු සැබෑ කරනවා සේම ඔබේ පියාගේ පීතෘ සිහිනය ද මේ වන විටත් සැබෑ කර අවසන්ය. ඔබේ පියා ඉදිරියේ මාතෘ භූමිය නියෝජනය කරමින් තුන් ඉරියව්වෙන් ක්‍රිකට් ලෝකයම දිනා අවසන්ය.
ඔබේ පියාගේ සැබෑ වූ සිහිනය තව දුරටත් ජීවත් කරවීමට නම් ඔබ මේ සියල්ලටම ශක්තිමත්ව මුහුණ දිය යුතු බව පියෙකු ලෙස මම ඔබට සෙනෙහසින් කියමි. මා ද ඇතුළුව ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන මේ රටේ මෙන්ම ලෝකයේම ජනතාවගේ ආදරය සහ ආශිර්වාදය ඔබ සමඟ බව සිහිපත් කරමි.
එමෙන්ම සුරංග වෙල්ලාලගේ මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් බිරිඳ ඇතුළු පවුලේ සැමට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.
ආදරණීය දුනිත් වෙල්ලාලගේ, තවත් බොහෝ කල් ඔබේ පියාගේ සිහිනය ජීවත් කිරීමේ වගකීම ඔබට භාරය.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14