සැමියාගෙන් පළි ගන්න සිඟිති දරුවා ඉස්සන් ටැංකියකට තල්ලු කරලා

උඩප්පුව කට්ටකඩුප ප්‍රදේශයේදී කාන්තාවක් තම සිඟිති දියණිය ඉස්සන් කොටුවකට තල්ලු කර දමා ඇත්තේ සැමියාගෙන් පළි ගැනීමට බව විමර්ශණවලදී අනාවරණ වී තිබෙනවා.

සැමියා සමග පැවති ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් පලිගන්න මවක් තම අවුරුදු එකහාමාරක දරුවා ඉස්සන් ටැංකියකට තල්ලු කර දමා ඇති බව උඩප්පුව පොලිසිය 4 දින පවසයි.

කට්ටකඩුව ප්‍රදේශයේ ඉස්සන් ගොවිපලක සේවය කරනු ලබන කම්කරුවකුගේ බිරිඳයි මෙලෙස ඔවුන්ගේ අවුරුද්දයි මාස 6 ක පමණ දියණිය ඉස්සන් ටැංකියට තල්ලු කර ඇත්තේ.

අදාළ කාන්තාව දරුවා ටැංකිය අසලට රැගෙන පැමිණ එකවර එම ඉස්සන් ටැංකියට තල්ලු කර ඇති බව CCTV කැමරා දර්ශන මගින් අනාවරණ වී තිබෙනවා.

සැකකාරිය දැරිය ඉස්සන් ටැංකියට තල්ලු කර දමා කිසිත් නොදන්නා ලෙස දරුවා නොමැති බව පවසා සොයමින් සිටියදී යි එම ඉස්සන් ගොවිපළේ ම සේවය කරනු ලබන වෙනත් කම්කරුවකු දරුවා ඉස්සන් ටැංකියේ දඟලන ආකාරය දැක ඊට පැන බේරා ගෙන ඇත්තේ.

බේරා ගත් බිළිඳිය කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

රෝහලේ ප්‍රකාශකයකු කියාසිටියේ දරුවාගේ තත්වය මේ වන විට යහපත් අතට හැරී ඇති බවයි.

දරුවා ඉස්සන් ටැංකියට තල්ලු කල කාන්තාව සහ ඇයගේ සැමියා අතර කාලයක සිට පවුල් ආරවුලක් තිබී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

එම කාන්තාව කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර අදාළ පවුල් ආරවුල කොබෙයිගනේ පොලිසියට ඉදිරිපත් වූ අවස්ථාවේ දෙදෙනාට දරුවා සමග සාමකාමීව වාසය කරන ලෙස උපදෙස් ලබා දී තිබූ බව ද සඳහන්.

පසුව මෙම කාන්තාව තම සැමියා සමග කට්ටකඩුව ඉස්සන් ගොවිපලේ වාඩියක පදිංචිව සිටියදී දින කිපයකට පෙර සැමියා සමග ඇතිවූ ආරවුලකින් පසු ඔහුගෙන් පළි ගැනීමට මෙලෙස දැරිය ඉස්සන් ටැංකියට තල්ල කර දමා ඇති බව හෙළිවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් 20 හැවිරිදි එක්දරු මව උඩප්පුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඇය පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12