පිත්තේ රිද්මය සොයාගත් කෝලි සහ රෝහිට් ජය මාවත විවර කරයි

සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර අවසන් සහ තුන්වන සහ අවසන් එක්දින තරගය අද (25) සිඩ්නි ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

තරගාවලියේ මුල් තරග දෙකම පරාජයට පත් වූ ඉන්දීය කණ්ඩායම මෙම තරගයේ දී පිටියට පිවිසියේ ඕස්ට්‍රේලියානු බිමේදී තම ගෞරවය රැක ගැනීමේ සටනක් දියත් කිරීම වෙනුවෙනුයි.

මෙම තරගයට පෙර පැවැති තරග 17 දී මෙන්ම මෙම තරගයේදී ද ඉන්දියාව සුපුරුදු කාසිය වාසිය පරාජයට පත් වූ අතර කාසියේ වාසිය හිමිකර ගත් ඕස්ට්‍රේලියානු නායක මිචෙල් මාෂ් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගනු ලැබුවා.

කෙසේ වෙතත් පිතිකරුවන් සියලු දෙනා දැවීගොස් පන්දුවාර 46යි පන්දු 04ක් තුළ ඕස්ට්‍රේලියාවට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 236ක් පමණයි.

එහිදී හර්ශිට් රනා විසින් කදුළු 04ක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දියාව පන්දුවාර 38 යි පන්දු 03ක් පමණක් වැය කරමින් එක් කඩුල්ලක් පමණක් ලබා දෙමින් තරගය පහසුවෙන් ජයගත් අතර එහිදී කලකට කණ්ඩායමෙන් ඉවත්ව සිටි හිටපු නායකයින් දෙපළක් වන රෝහිට් ශර්මාට සහ විරාට් කෝලි ලකුණු අතරට පිවිසීම සුවිශේෂී වුණා.

පෙර තරගයේදී ද ලකුණු 73ක් රැස් කර ගැනීමට සමත් වූ රෝහිට් මෙම තරගයේදී නොදැවී ලකුණු 121ක් රැස් කර ගැනීමට සමත් වූ අතර පෙර තරග දෙකේදීම ලකුණු නොලබා දැවීගිය විරාට් කෝලි මෙම තරගයේදී ද නොදැවී ලකුණු 74ක් රැස් කර ගනිමින් තම රිද්දමය යළිත් සොයාගත්තා.

එහිදී ශ්‍රී ලංකාවේ හිටපු පිතිකරුවෙක් වන කුමාර් සංගක්කාරගේ ජ්‍යාත්‍යන්තර එක්දින තරගවල මුළු ලකුණු සංක්‍යාව පසුකරමින් ක්‍රිකට් ඉතිහාසයේ එක්දින වැඩිම ලකුණු හිමි පිතිකරුවන්ගේ දෙවන ස්ථානයට පැමිණීමට විරාට් කෝලි සමත් වුණා.

එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවන්නේ ද හිටපු ඉන්දීය ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි
00:46
Video thumbnail
දිලිත් ඇවිත් මැයි රැළිය ගැන ගැම්මට කිව්ව කතාව..අපි පැය 24ක කාලයකදී මැයි රැළිය සංවිධානය කළේ..
02:32
Video thumbnail
මේ බස් දෙක රේස් ආවා..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14