spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පැහැරගෙන ගොස් කැළයක රඳවාගෙන සිටි දැරියක් දින 08කට පසු මුදාගැනේ

බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගොස් රඳවාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අදාල දැරිය මුදාගැනීමට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ මෙහයුමකදී හැකිව තිබෙනවා.

ලුණුගල පොලිස් වසමේ උඩකිරුව රක්ෂිතයේ ඊයේ (11) මෙම මෙහෙයුම සිදුකර ඇති අතර එහිදී වයස අවුරුදු 18ක පෙම්වතා සහ 53 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් ලුණුගල සහ බේරුවල ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

පසුගිය 03 වනදා සැකකරුවන් විසින් ලුණුගල ප්‍රදේශයේ පදිංචි මෙම 14 හැවිරිදි දැරිය පැහැරගෙනගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් දෙදෙනා දැරියව පැහැරගෙන ගොස් දින අටක් තිස්සේ සඟවාගෙන සිටියදීයි මෙලෙස සොයාගැනීමට හැකිව ඇත්තේ.

දැරිය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සදහා ලුණුගල⁣ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ලුණුගල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?