පැහැරගත් යතුරුපැදිවලින් ගොස් සොරකම්වල නිරතවූ දෙදෙනෙක් අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ රැසක යතුරු පැදි පැහැර ගෙන ඒවායින් ගොස් විවිධ ප්‍රදේශවල නිමි ඇදුම් වෙළෙඳ සැල් බිඳ ඒවා අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් සහ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ යතුරුපැදි ඒකකයේ නිලධාරීන් පිරිසක් විසිනුයි ඊයේ (14) රාත්‍රී අමන්දොළුව ප්‍රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

හෙරොයින් මත්ද්‍රව්‍ය සඳහා අවශ්‍ය මුදල් උපයා ගැනීම වෙනුවෙන් සැකකරුවන් මෙම සොරකම් සිදු කර ඇති බවට අනාවරණ වී ඇති අතර ඔවුන් සමග රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මොවුන් අතරින් එක් අයෙකු අනුරාධපුර තලාව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි එක් දරු පියෙක් වන අතර අනෙක් පුද්ගලයා කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අවිවාහක තරුණයෙක්.

ඔවුන් මිහින්තලේ , මීගමුව සහ කහටගස්දිගිලිය පොලිස් බල ප්‍රදේශවලදී යතුරුපැදිකරුවන් බිය ගන්වා එම යතුරු පැදි පැහැර ගෙන ගොස් තිබූබව සඳහන්.

එම යතුරුපැදිවලින් ගොස් මීගමුව සහ වාරියපොළ ප්‍රදේශයේ වෙළෙඳ සැල් බිඳ ඒවා තුළ තිබූ නවීනතම නිමි ඇඳුම් සොරා ගෙන ගොස් වෙනත් පළාත්වලට අලෙවි කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ඊයේ රාත්‍රී එලෙස කොල්ල කන ලද නිමි ඇඳුම් තොගයක් රැගෙන අමන්දොළුව ප්‍රදේශය ඔස්සේ ගමන් කරමින් සිටි මොවුන් දෙදෙනා කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ සහ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ යතුරු පැදි ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 4,450ක ප්‍රමාණයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා නිමි ඇඳුම් තොගය සමග මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැසිකිළිවලට මුලගල් තියන එක තමයි මේ ආණ්ඩුවේ සංවර්ධනය
11:08
Video thumbnail
චාමර දීපු Entry එකට වේදිකාව දෙදරෙයි
01:45
Video thumbnail
හිරේ දාලා අපිව බය කරන්න බෑ - දුමින්ද සැරවෙයි
09:43
Video thumbnail
එරාජ් ප්‍රනාන්දු එළොව ගිය ස්ථානයට මහේස්ත්‍රාත්වරයා පැමිණෙයි - ගොඩනැගිල්ල ඇතුළත දර්ශන මෙන්න
03:25
Video thumbnail
අපේ කවුරුහරි ජනාධිපති සූට් මහනවා නම් අපි ඒක ගලවනවා
03:54
Video thumbnail
අධිකරණයෙන් එළියට ආ වටගල කිව්ව දේ - නීත්‍යානුකූලයි සහ ජනමත විචාරණයක් අනවශ්‍ය බව පෙන්නුවා
02:06
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බිහිසුණු අනතුරක් - දුරකථන කණුවකුත් කඩාගෙනම ගිහින්
01:02
Video thumbnail
කයිවාරු ගහපු මේ ආණ්ඩුව අද අනාථ වෙලා
03:31
Video thumbnail
ප්‍රභා අද හිටියා නම් මේ ආණ්ඩුවේ ඇමති..?
04:51
Video thumbnail
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය මල් ශාලාවේ තැන්පත් කරයි - ගෞරව දක්වන්න කලාකරුවන් රැසක් එයි
01:14