පැහැරගත් දැරිය සොයා ගැනේ – දැරියගේ නැන්දණිය අතුරුදන්

මොරගහහේන – ගොඩිගමුව ප්‍රදේශයේ නිවසක ඊයේ උදෑසන දී පැහැර ගැනීමට ලක් වූ 07 හැවිරිදි දැරිය සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ; මෙම දැරිය ව පැහැර ගත් සැකකරු විසින්, ඇයගේ ඥාති නිවසකට දැරිය භාර දී ඇති බවයි.

මෙම දැරිය පැහැර ගැනීමට හේතුව ද හෙළි ව තිබෙනවා.

පැමිණිලිකාර පාර්ශ්වය වන දැරියගේ මව පවසා ඇත්තේ, එම නිවසේ තම දරුවන් දෙදෙනා, ස්වාමියා, මව සහ ස්වාමිපුරුෂයාගේ නැගණිය ජීවත් වන බවයි.

ස්වාමි පුරුෂයාගේ නැගණිය ප්‍රේම සබඳතාව පැවැත්වූ පුද්ගලයා සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් එම පුද්ගලයා විසින් දැරිය ව මෝටර් රථයකින් පැමිණ පැහැරගෙන ගොස් තිබෙනවා.

පසුව සැකකරු නැගණියට දූරකථන ඇමතුමක් ලබා දී දැනුම් දී ඇත්තේ, දැරියට කරදරයක් කිරීමට පෙර, වහාම තමන් වෙත පැමිණෙන ලෙසටයි.

පසුව නැගණිය යැයි සඳහන් කරන පෙම්වතිය සැකකරු හමුවීමට කැස්බෑව ප්‍රදේශය වෙත ගොස් ඇති අතර, දැරියව ඔවුන්ගේ ඥාතී ගෙදරකට භාර කර, සැකකරු නැගණියව ද රැගෙන පලා ගොස් තිබෙනවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා හොරණ මූලික රෝහල වෙත ඉදිරිපත් කර ඇති අතර, සැකකරු රැගෙන ගිය කාන්තාව (නැගණිය) සොයා මොරගහහේන පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14