spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පැහැරගත් දැරිය සොයා ගැනේ – දැරියගේ නැන්දණිය අතුරුදන්

මොරගහහේන – ගොඩිගමුව ප්‍රදේශයේ නිවසක ඊයේ උදෑසන දී පැහැර ගැනීමට ලක් වූ 07 හැවිරිදි දැරිය සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ; මෙම දැරිය ව පැහැර ගත් සැකකරු විසින්, ඇයගේ ඥාති නිවසකට දැරිය භාර දී ඇති බවයි.

මෙම දැරිය පැහැර ගැනීමට හේතුව ද හෙළි ව තිබෙනවා.

පැමිණිලිකාර පාර්ශ්වය වන දැරියගේ මව පවසා ඇත්තේ, එම නිවසේ තම දරුවන් දෙදෙනා, ස්වාමියා, මව සහ ස්වාමිපුරුෂයාගේ නැගණිය ජීවත් වන බවයි.

ස්වාමි පුරුෂයාගේ නැගණිය ප්‍රේම සබඳතාව පැවැත්වූ පුද්ගලයා සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් එම පුද්ගලයා විසින් දැරිය ව මෝටර් රථයකින් පැමිණ පැහැරගෙන ගොස් තිබෙනවා.

පසුව සැකකරු නැගණියට දූරකථන ඇමතුමක් ලබා දී දැනුම් දී ඇත්තේ, දැරියට කරදරයක් කිරීමට පෙර, වහාම තමන් වෙත පැමිණෙන ලෙසටයි.

පසුව නැගණිය යැයි සඳහන් කරන පෙම්වතිය සැකකරු හමුවීමට කැස්බෑව ප්‍රදේශය වෙත ගොස් ඇති අතර, දැරියව ඔවුන්ගේ ඥාතී ගෙදරකට භාර කර, සැකකරු නැගණියව ද රැගෙන පලා ගොස් තිබෙනවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා හොරණ මූලික රෝහල වෙත ඉදිරිපත් කර ඇති අතර, සැකකරු රැගෙන ගිය කාන්තාව (නැගණිය) සොයා මොරගහහේන පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
2
+1
4
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?