spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පැලවත්තේ රුපියල් කෝටි 3ක සොරකමක්

පසුගිය මැයි 08 වනදා බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ දී ගොඩනැගිල්ලක දෙවැනි මහලේ ඇති කාමරයක තිබූ සේප්පුවක් සහ රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සමබන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (01) උදෑසන සිදුකළ වැටලීමක දී කිරුළපන පොලිස් වසමේ දී එම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමවලින් අනතුරුව පාදුක්ක ප්‍රදේශයේ කැලයක දමා තිබූ සේප්පුවක් පොලිස් භාරයට ගෙන තිබේ.

එහිදී අත්අඩංගුවට ගෙන ඇති දේපළ,

අමෙරිකානු ඩොලර් 100 නොට්ටු 127
මැලේෂියන් රිංග්‍රිට් 50 නෝට්ටු 61
රන් වළලු 02
රන් මුදු 11
රන් පෙන්ඩන්ට් 04
රන් මාල 01
රන් කරාබු ජෝඩු 03
ජංගම දුරකථන 03 

අත්අඩංගුවට ගත් සැකකරුවන් 38,43 හා 44 යන වයස්වල පසුවන කිරුළපන හා නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (02) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?