පැරණි පෙම්වතාට “වට්ස්ඇප් ” පණිවිඩයක් යවා අලුත් පෙම්වතා සමග ගිය 11 හැවිරිදි පෙම්වතිය

නව පෙම්වතා සමග ලබාගත් ජායාරූපයක් සහිතව ‘අපි යනවා’ යැයි පරණ පෙම්වතාට එකොළොස් හැවිරිදි දැරිය යැවූ වට්ස්ඇප් පණිවිඩය ඔස්සේ පරීක්‍ෂණ කර එම දැරිය රැගෙන ගිය 20 හැවිරිදි තරුණයා සහ ඔහුගේ මව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කහතුඩුව පොලිසිය සඳහන් කර සිටිනවා.

හෝමාගම පදිංචි දැරිය සතියකට පමණ කාලයක් නිවාඩුවක් ගත කිරීම සඳහා තිනියාවල ප‍්‍රදේශයේ පුංචි අම්මාගේ නිවසේ රැඳී සිටියදී භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමේ යෙදුණු විසි හැවිරිදි තරුණයා සමග පේ‍්‍රම සබඳතාවක් ගොඩ නගාගෙන ඇත්තේ ඇයට වයස අවුරුදු දාහතක් බවට තරුණයාට හඟවමින් බව පොලිසිය සඳහන් කර සිටින්නේ.

දැරිය හෝමාගම නිවසට පැමිණීමෙන් අනතුරුව ජංගම දුරකථනය හරහා ද තරුණයා සමග සම්බන්ධ වී ඇති අතර තරුණයා සිදු කළ යෝජනාවක් අනුව දැරිය ඔහු හා යෑමට එකඟ වී තිබූ බව පොලිසිය පැවසුවේ.

ඒ අනුව සැකකාර තරුණයා දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාකුඹුරට පැමිණ එතැන් සිට ත‍්‍රිරෝද රථයකින් දැරියගේ නිවස සොයා පැමිණ දැරිය රැගෙන මාකුඹුරට පැමිණ එතැන් සිට අධිවේගී මාර්ගය ඔස්සේ සුඛෝපභෝගී බස් රථයකින් නෙළුව නිවස කරා ගොස් තිබූ බව පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් දැරියගේ මව්පියන්ගෙන් ලද පැමිණිල්ලක් අනුව ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අවට සී. සී. ටී. වී. කැමරා පරීක්ෂා කිරීමේදී ත‍්‍රිරෝද රථයකට නැඟ දැරිය පිටවන අයුරු සටහන්ව තිබූ බව පොලිසිය සඳහන් කළේ.

පොලිස් නිලධාරීන් එම ත‍්‍රිරෝද රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදු කළ පරීක්ෂාවේදී එය හෝමගම මාකුඹුර ප‍්‍රදේශයේ ත‍්‍රිරෝද රථයක් බවට අනාවරණය වීමෙන් අනතුරුව ත‍්‍රිරෝද රථ රියැදුරුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීමේදී ත‍්‍රිරෝද රථයේ පැමිණි දෙදෙනා සුඛෝපබෝගී බස් රථයක් වෙත ගිය බව අනාවරණය වූ බව පොලිසිය කියයි.

පොලිස් නිලධාරීන් දැරියගේ මවුපියන්ගෙන්ද සිදු කළ ප‍්‍රශ්න කිරීමේදී 11 හැවිරිදි දැරිය හෝමාගම ප‍්‍රදේශයේ තරුණයකු සමග ද මීට පෙර ද සබඳතාවක් පවත්වාගෙන ගිය බවත් ඊට තමන් විරුද්ධ වූ බවත් පොලිස් නිලධාරීන් හා පවසා තිබූ බව පොලිසිය කියයි.

ඒ අනුව පොලිස් නිලධාරීන් එම තරුණයාගේ නිවස සොයා යෑමේදී එම තරුණයා නිවසේ සිට ඇති අතර ඔහුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීමේදී තමන්ගේ ජංගම දුරකථනයට තමන් මීට පෙර පේ‍්‍රම සබඳතාවක් පැවැත්වූ පෙම්වතිය තරුණයකු සමග ගත් ජායාරූපයක් එවා ‘‘අපි යනවා’’ යැයි කෙටි පණිවිඩයක් ද එවා තිබූ බවට පොලිස් නිලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීම හමුවේ පවසා තිබූ බව පොලිසිය පැවසුවේ.

ජංගම දුරකථනයේ සඳහන්ව තිබූ එම කෙටි පණිවුඩයේ සඳහන් වැඩිදුර තොරතුරු අනුව සිදු කළ පරීක්ෂාවේදී දැරිය රැගෙන ගිය පුද්ගලයා තිනියාවල ප‍්‍රදේශයේ පුද්ගලයකු බවට අනාවරණය වී ඇත.

වහා ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් තිනියාවල පොලිසියට ඒ බව දැනුම් දීමෙන් අනතුරුව තිනියාවල පොලිසිය නිලධාරීන් තරුණයාගේ නිවස වටලා තරුණයා සහ තරුණයාගේ මවද අත්අඩංගුවට ගෙන දැරිය ද පොලිස් භාරයට ගෙන තිබූ බව කහතුඩුව පොලිසියේ නිලධාරියෙක් පැවසුවේ.

සැකකාර තරුණයාගේ මව ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ ද සැකකරු බාලවයස්කාර දැරියක් පැහැරගෙන යෑමේ චෝදනාවට යටතේ ද කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අතුල ගම්ලත්, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂක (4575) රේණුකා, (11819) සෙව්වන්දි යන මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18