පැය 24ක මෙහෙයුම්වලින් අපරාධකරුවන් 708ක් පොලිස් දැලේ

ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 708 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 551ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 157ක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් 551 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 10ක් සහ පුනුරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ එක් පුද්ගලයෙක් සිටී.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 157 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 37 ක්, මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 93 ක්, අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 21ක් සහ ඇඟිලි සටහන් මඟින් හදුනාගන්නා ලද සැකකරුවන් 06ක් ඒ අතරට අයත්.

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් හෙරොයින් ග්‍රෑම් 176 මිලිග්‍රෑම් 162ක්, අයිස් ග්‍රෑම් 423 මිලිග්‍රෑම් 616ක්, ගංජා කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 284ක්, ගංජා පැළ 3,815ක්, මාවා ග්‍රෑම් 168 මිලිග්‍රෑම් 79ක්, මත්පෙති 194ක්, මදන මෝදක ග්‍රෑම් 49ක් සහ තුල් ග්‍රෑම් 122ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25