spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පැය 24ක් ගතවීමටත් පෙර බිඳ වැටුණු වනිඳුගේ IPL වාර්තාව

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පෙරේදා දිනයේ තමන් සතුකරගත් වාර්තාවක් පැය 24ක් ගතවීමට පෙර බිඳ දමන්නට මුම්බායි ඉන්දියන්ස් පිළේ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා ඊයේ (09) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ හොඳම පන්දු යැවීමේ වාර්තාව තමන් සතුකර ගනිමින්.

මුම්බායි ඉන්දියස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් අතර ඊයේ (09) පැවති තරගයේ දී බුම්රා සිය පන්දුවාර 04 තුළ ලකුණු 10කට කඩුලු 05ක් බිඳ දැමුවා.

ඒ අනුව වනිඳු හසරංග විසින් පෙරේදා දිනයේ දී පන්දුවාර 04ක් තුළ ලකුණු 18කට කඩුලු 05ක් බිඳ දමමින් තමන් සතුකරගෙන තිබූ හොඳම පන්දු යැවීමේ වාර්තාව ඊයේ රාත්‍රියේ දී බුම්රා සතු වුණා.

කෙසේ වෙතත් මුම්බායි ඉන්දියන්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් අතර ඊයේ පැවති මෙම තරගයේ ජය කොල්කටා ක්‍රීඩකයින් තමන් සතුකර ගත්තේ මුම්බායි පිළට මෙවර තරගාවලියේ 09 වන පරාජයත් උරුමකර දෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?