පැය 20ක් විතර ඇඳේ වැතිරිලා ඔහේ ඉන්නවා

ලුසී ගේ පියයුරේ ගැටිත්තක් තිබෙන බව දැනගත් මොහොතේ පිළිකාවක් පිළිබඳව අල්ප මාත්‍රයක සිතුවිල්ලක්වත් ඇයට පහළ නොවුණි.

ගැටිත්තක සේයාවක් හෝ වේදැයි නිතිපතා පරීක්ෂා කිරීම ඇයගේ සිරිත නොවේ. මෙය අහම්බෙන් දැනගත් දෙයකි.

“මම හිතාගෙන හිටියේ පියයුරු පරීක්ෂා කිරීම පටන් ගන්න ඕන වයස අවුරුදු 50 විතර වෙනකොට කියල.” ලුසී බීබීසීයට පැවසුවාය.

කෙසේ නමුත් ඇය වෛද්‍ය පරීක්ෂණයකට ලක් වුවාය. ප්‍රතිඵලය සතුට දනවන්නක් නොවීය. 26 හැවිරිදි ලුසීගේ පියයුරේ පිළිකාවක් වර්ධනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණයෙන් සනාථ විය.

පියයුරක ගැටිත්තක් නිරීක්ෂණය වූ සැනින් එය පරීක්ෂා කරවා ගැනීමට යොමු වීම ඉතා වැදගත් ය. ලුසීට එදින නිවාඩු දිනයක් වූ බැවින් සිය වෛද්‍යවරයා හමුවීමට අප්‍රමාදව තීරණය කළාය.

“හොඳ වෙලාවට මට එදා නිවාඩු දිනයක් වුණේ; මම හැමදාම ඒ ගැන හිතනවා.”

“ප්‍රමාද වුනානම් මගේ කතාන්තරය මීට වඩා වෙනස් වෙන්න තිබුනා.”

“මගේ පෙනුම වෙනස් වුනා. මගේ හම අවලස්සන වුණා. හිසකෙස් හැලුණා. ඒ විතරක් නෙවෙයි, ඇහිබැම සහ ඇහි පිහාටු පවා හැලුණා”

වෛද්‍යවරයා විසින් පිළිකා පිළිබඳ විශේෂඥයන් වෙත ලුසී යොමුකරන ලද මොහොතේ හෝ තමන්ට පිළිකාවක් වේයැයි ඇය නොසිතුවාය.

ලුසී විශේෂඥ පරීක්ෂාවට ලක්වෙද්දී ඇයට අමුත්තක් දැනුණි.

“වෛද්‍යවරයා නිහඬ වුණා.” ලුසී පැවසුවාය.

තමන්ට පිළිකාවක් වැළඳී ඇතිබව සතියකට පසුව දැනුම් දී තිබේ. එය ඉක්මනින් පැතිරී යන බව ද ඇයට දැනගන්නට ලැබුණි.

නොපමාව කීමෝ ප්‍රතිකාරය (chemotherapy), විකිරණ චිකිත්සාව (radiotherapy) සහ සැත්කමක් ද සිදුකළ යුතු බව වෛද්‍යවරු පැවසුහ.

ප්‍රතිකාර ආරම්භවීමෙන් අනතුරුව තම ජීවිතය වෙනස් වූ අයුරු ඇය විස්තර කළාය.

“සමහර දවස්වල මට කිසිම දෙයක් කන්න බැරි තත්ත්වයට පත්වුණා. නිදාගන්න බැරිවුණා. මම දවසකට පැය 20ක් විතර අවදියෙන් ඉන්නවා. දිගටම ඇඳේ වැතිරිලා ඔහේ ඉන්නවා.” ලුසී පැවසුවාය.

“මගේ පෙනුම වෙනස් වුනා. මගේ හම අවලස්සන වුණා. හිසකෙස් හැලුණා. ඒ විතරක් නෙවෙයි, ඇහිබැම සහ ඇහි පිහාටු පවා හැලුණා.”

සැත්කමෙන් සහ විකිරණ චිකිත්සාවෙන් පසුව ලුසීට ලැබුණේ සුභ ආරංචියකි – පිළිකා සෛල සියල්ල විනාශ වී ඇති බවය.

නමුත්, හෝමෝන ප්‍රතිකාරය තවදුරටත් කරගෙන යා යුතු වේ. එය සිදුවන අතරවාරයේ ඇය සමාජ සත්කාරයක ද නිරත වන්නීය. තුරුණු වියේ සිටින කාන්තාවන්ට ද පියයුරු පිළිකා වර්ධනය විය හැකි බවට සමාජය දැනුවත් කිරීම සඳහා තම අත්දැකීම බෙදාහදා ගැනීමට ඇය කටයුතු කරන්නීය. පියයුරු පිළිකා පිළිබඳව සමාජය දැනුවත් කරමින් සිටින සංවිධානයක් (CoppaFeel!) සමඟ ලුසී එක් වුවාය.

“හිතන්න එපා එය ඔබට හැදෙන එකක් නැහැ කියල. අශුභවාදී වෙන්න කියනවා නොවෙයි. නමුත් දැනුවත්ව සිටිය යුතුයි.” ලුසී පැවසුවාය.

“සමහරු ලෙඩ ගැන කතා කරන්න කැමති නැහැ. සමහරු ඒවා සඟවාගෙන ඉන්නවා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපි ඒවා ගැන විවෘතව කතා කළ යුතුයි.”

තමන්ට මෙවැනි දෙයකට මෙතරම් ඉක්මනින් මුහුණ දෙන්නට සිදුවේයැයි 24 හැවිරිදි ෆ්රාන් ද නොසිතුවාය. ඇයගේ පියයුරක කුඩා ගැටයක් වැනි දෙයක් ඇය නිරීක්ෂණය කළාය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14