පැය හයක මෙහෙයුමකින් ඉසෙඩ්ඩි ඇළට වැටුණු වනඅලියාගේ දිවි ගලාවාගනී

පොළොන්නරුව වැලිකන්ද මලින්ද ප්‍රදේශයේ ඉසෙඩ්ඩි ඇළට වැටුණු වනඅලියෙකු අද (22) දහවල් පැය හයක මෙහෙයුමකින් අනතුරුව ඉසෙඩ්ඩි ඇළේම ජල දොරටුවක් විවෘත කර කාසන් වැව් රක්ෂිතයට මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.

වනඅලියා ඇළ දිගේම කිලෝ මීටර් දහයක් පමණ දුරට ගසා ගෙන ඇවිදින් ඉන් අනතුරුව වැලිකන්ද සිංහපුර සයිබන් ජල දොරටුව ළඟ ජලයෙහි ගිලෙමින් පැය පහක පමණක් කාලයක් රැඳී රැඳී සිටිය අතර එහිදී වන ජීවී අලි කඹ යොදා ටයර් වලින් සකස් කරන ලද වැල් සහිත ඉනි මඟකින් වනඅලියා ගොඩ ගැනීමට උත්සාහ කර ඇත.

එනමුත් එය ව්‍යාර්ථ වීමෙන් අනතුරුව මහවැලි නිලධාරීන් යොදවා ඉසෙඩ්ඩී ඇලෙහි එක් ජල දොරටුවක් විවෘත කර එම ජල දොරටුවෙන් වන අලියා ඇළ දිගේම කාශන් වැවට මුදා හරිනු ලැබ තිබෙනවා.

වැලිකන්ද වනජීවි නිලධාරීන් 25 දෙනෙකු සහ වැලිකන්ද ප්‍රදේශයේ ගම්මුන් මෙම වනාලියා ගොඩ ගැනීමේ මෙහෙයුමට එක්ව සිටියා.

මෙම වනාලියාගේ වයස අවුරුදු තිස් පහක් පමණ වන බව වැලිකන්ද වන ජීවි නිලධාරීන් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44