spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පැය හයක මෙහෙයුමකින් ඉසෙඩ්ඩි ඇළට වැටුණු වනඅලියාගේ දිවි ගලාවාගනී

පොළොන්නරුව වැලිකන්ද මලින්ද ප්‍රදේශයේ ඉසෙඩ්ඩි ඇළට වැටුණු වනඅලියෙකු අද (22) දහවල් පැය හයක මෙහෙයුමකින් අනතුරුව ඉසෙඩ්ඩි ඇළේම ජල දොරටුවක් විවෘත කර කාසන් වැව් රක්ෂිතයට මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.

වනඅලියා ඇළ දිගේම කිලෝ මීටර් දහයක් පමණ දුරට ගසා ගෙන ඇවිදින් ඉන් අනතුරුව වැලිකන්ද සිංහපුර සයිබන් ජල දොරටුව ළඟ ජලයෙහි ගිලෙමින් පැය පහක පමණක් කාලයක් රැඳී රැඳී සිටිය අතර එහිදී වන ජීවී අලි කඹ යොදා ටයර් වලින් සකස් කරන ලද වැල් සහිත ඉනි මඟකින් වනඅලියා ගොඩ ගැනීමට උත්සාහ කර ඇත.

එනමුත් එය ව්‍යාර්ථ වීමෙන් අනතුරුව මහවැලි නිලධාරීන් යොදවා ඉසෙඩ්ඩී ඇලෙහි එක් ජල දොරටුවක් විවෘත කර එම ජල දොරටුවෙන් වන අලියා ඇළ දිගේම කාශන් වැවට මුදා හරිනු ලැබ තිබෙනවා.

වැලිකන්ද වනජීවි නිලධාරීන් 25 දෙනෙකු සහ වැලිකන්ද ප්‍රදේශයේ ගම්මුන් මෙම වනාලියා ගොඩ ගැනීමේ මෙහෙයුමට එක්ව සිටියා.

මෙම වනාලියාගේ වයස අවුරුදු තිස් පහක් පමණ වන බව වැලිකන්ද වන ජීවි නිලධාරීන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?