පැයට කිලෝමීටර 190 ඉක්ම වූ වේගයකින් ‘මෝඛා’ බංග්ලාදේශය හා මියන්මාරයට ඇතුළු වෙයි

‘මෝඛා’ ප්‍රබල සුළි කුණාටුව බංග්ලාදේශය සහ මියන්මාරයේ වෙරළ තීරයන්ට ඇතුළු වී ඇති බව කාලගුණ අංශ දැනුම් දෙනවා.

දශක දෙකකට ආසන්න කාලයක් තුළ බංග්ලාදේශයට හා මියන්මාරයට බලපෑ ප්‍රබලතම කුණාටුව මෙය බවයි විදෙස් වාර්තා පවසන්නේ.

පැයට කිලෝමීටර 190 ඉක්ම වූ වේගයකින් ගමන් කරන මෝඛා’ සුළි කුණාටුව පස්වන කාණ්ඩයේ කුණාටුවකට සමාන ප්‍රබලත්වයකින් සමන්විත වන බවයි කාලගුණ බලධාරීන් සඳහන් කර සිටියේ.

සුළි කුණාටුවට පෙර බංග්ලාදේශ වැසියන් ලක්ෂ 05ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවයි එරට මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.

බංග්ලාදේශ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (14) ප්‍රකාශ කළේ ‘මෝඛා’ සුළි කුණාටුව මියන්මාරයේ රඛයින් ප්‍රාන්තය හරහා උතුරු-ඊසාන දෙසින් ගමන් කර ලොව විශාලතම සරණාගත කඳවුරට සත්කාරකත්වය සපයන ගිනිකොනදිග බංග්ලාදේශයේ කොක්ස් බසාර් හරහා ගමන් කිරීමට ඉඩ ඇති බවයි.

සුළි කුණාටුව කලාපයට දැඩි සුළං සහ වර්ෂාපතනයක් ගෙන ඒම සමඟ ගංවතුර හා නායයෑම් තර්ජනයක් ඇති බැවින් දැවැන්ත හදිසි සැලැස්මක් දියත් කර ඇති බවයි බංගලාදේශයේ සහ මියන්මාරයේ සහන ආයතන පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12