පැයට කිලෝමීටර 190 ඉක්ම වූ වේගයකින් ‘මෝඛා’ බංග්ලාදේශය හා මියන්මාරයට ඇතුළු වෙයි

‘මෝඛා’ ප්‍රබල සුළි කුණාටුව බංග්ලාදේශය සහ මියන්මාරයේ වෙරළ තීරයන්ට ඇතුළු වී ඇති බව කාලගුණ අංශ දැනුම් දෙනවා.

දශක දෙකකට ආසන්න කාලයක් තුළ බංග්ලාදේශයට හා මියන්මාරයට බලපෑ ප්‍රබලතම කුණාටුව මෙය බවයි විදෙස් වාර්තා පවසන්නේ.

පැයට කිලෝමීටර 190 ඉක්ම වූ වේගයකින් ගමන් කරන මෝඛා’ සුළි කුණාටුව පස්වන කාණ්ඩයේ කුණාටුවකට සමාන ප්‍රබලත්වයකින් සමන්විත වන බවයි කාලගුණ බලධාරීන් සඳහන් කර සිටියේ.

සුළි කුණාටුවට පෙර බංග්ලාදේශ වැසියන් ලක්ෂ 05ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවයි එරට මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.

බංග්ලාදේශ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (14) ප්‍රකාශ කළේ ‘මෝඛා’ සුළි කුණාටුව මියන්මාරයේ රඛයින් ප්‍රාන්තය හරහා උතුරු-ඊසාන දෙසින් ගමන් කර ලොව විශාලතම සරණාගත කඳවුරට සත්කාරකත්වය සපයන ගිනිකොනදිග බංග්ලාදේශයේ කොක්ස් බසාර් හරහා ගමන් කිරීමට ඉඩ ඇති බවයි.

සුළි කුණාටුව කලාපයට දැඩි සුළං සහ වර්ෂාපතනයක් ගෙන ඒම සමඟ ගංවතුර හා නායයෑම් තර්ජනයක් ඇති බැවින් දැවැන්ත හදිසි සැලැස්මක් දියත් කර ඇති බවයි බංගලාදේශයේ සහ මියන්මාරයේ සහන ආයතන පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14