spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පැපුවා නිව්ගිනියාවේ දරුණු ගෝත්‍රික ගැටුම් – 64ක් සති අන්තයේ මිය ගිහින්

පැපුවා නිව්ගිනියාව ආශ්‍රිතව දරුණු ගැටුම් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 64 දෙනෙක් පසුගිය සති අන්තයේ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එංගා පළාතේ ගෝත්‍රිකන් අතර පැවති ආරවුලක් අතරතුර වෙඩි තබා මෙම ඝාතනයන් සිදුකර තිබෙනවා.

පසුගිය සති අන්තය තුළ එංගා පළාතේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා ගෝත්‍රික කණ්ඩායම් 17ක් පමණ සම්බන්ධ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉඩම් සහ ධනය බෙදාගැනීම සම්බන්ධයෙන් මෙම ගෝත්‍රික ගැටුම් හටගන්නා අතර, පසුගිය ජූලි මාසයේ දී එංගා හි මාස තුනක අගුලු දැමීමට මෙම ගැටුම් හේතු වී තිබුණා.

මෑතකාලීනව ඇතිවන ගැටුම් පාලනය කරමින් සාමය ආරක්ෂා කිරීම ආරක්ෂක හමුදාවන්ට පැවරී ඇති බවයි එංගා පළාතේ ආණ්ඩුකාර පීටර් ඉපටාස් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?