පැපුවා නිව්ගිනියාවට පැමිණි පාප් වහන්සේට උණුසුම් පිළිගැනීමක්

මේ වනවිට ආසියානු කලාපයේ සංචාරයක නියැලී සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉන්දුනීසියා සංචාරය අවසන් කිරීමෙන් පසු පැපුවා නිව්ගිනියාව වෙත පැමිණියා.

දේශීය මිෂනාරිවරුන්ගේ ආරාධනයකට අනුව පැපුවා නිව්ගිනියාවට පැමිණි පාප් වහන්සේට එහිදී හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්.

පැපුවා නිව්ගිනියාවේ වැනිමෝ වෙරළ නගරයේ දී සාම්ප්‍රදායික බර්ඩ් ඔෆ් පැරඩයිස් පිහාටු සහිත හිස් පළඳනාවක් පළඳවමින් පැපුවා නිව්ගිනියා බලධාරීන් විසින් උන්වහන්සේ පිළිගත්තා.

අනතුරුව අගනුවරවන පෝර්ට් මෝර්ස්බි නගරයේ දී පාප් වහන්සේ විසින් දේව මෙහෙයක් ද පැවැත් වූ අතර, 35,000 කට අධික පිරිසක් ඊට සහභාගීව සිටි බවයි වාර්තා වුණේ.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද දිනය දක්වා පැපුවා නිව්ගිනියා සංචාරයේ නිරත වන අතර, උන්වහන්සේ නැවත රෝමයට යාමට පෙර නැගෙනහිර ටිමෝරයට සහ සිංගප්පූරුවට පැමිණීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25