spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පැතුම් නිස්සංක බිඳ දැමූ මාස්ටර් බ්ලාස්ටර්ගේ වාර්තාව

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ ඊයේ (20) පැවති තුන්වන එක්දින තරගය ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණේ තරග 05කින් සමන්විත එක්දින තරගාවලියේ වැඩි ගෞරව තමන් සතුකර ගනිමින්.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන්නට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක කටයුතු කළේ සිය පළමු ජාත්‍යන්තර එක්දින ශතකය ද වාර්තාකරමින් වීම විශේෂත්වයක්.

මෙහිදී පැතුම් නිස්සංක පන්දු 147ක් තුළ ලකුණු 137ක් රැස්කළ අතර එය ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක් වුණේ.

මිට පෙර එම දක්ෂතාව දක්වා තිබුණේ එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩාකළ සනත් ජයසූරිය විසින්.

පැතුම් ඊයේ මෙලෙස බිඳ දැමුවේ ජයසූරිය විසින් 2003 වසරේ සිඩ්නි ක්‍රිකට් පිටියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 122ක් රැස්කරමින් පිහිටුවා තිබූ වාර්තාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
88
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?