spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පැතුම් නිශ්ශංකට දෙවන ටෙස්ට් තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට ඉන්දියාව සමඟ හෙට (12) ආරම්භවන දෙවන ටෙස්ට් තරගය අහිමි වීමේ වැඩි ඉඩක් පවතින බව වාර්තා වනවා.

පුහුණුවීම් අතර තුර ඔහුගේ කොන්දේ ඇති වූ ආබාධයක් හේතුවෙන් හෙට තරගයට එක්වීමේ අවස්ථාව බොහෝ දුරට පැතුම්ට අහිමි වී යන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කළේ.

ඒ අනුව හෙට තරගයේ දී කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩක් පවතින බවටයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර පළමු ටෙස්ට් තරගයේ දී ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර හෙට තරගය වෙනුවෙන් කණ්ඩායමට කැඳවා ඇති බව වාර්තා වනවා.

හෙට (12) පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස බැංගලෝර් හිදී ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?