පැතුම් නිශ්ශංකගෙන් අගනා ශතකයක්

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී  ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක පහ පිතිකරු පැතුම් නිශ්ශංක සිය කුළුදුල් ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්වුණා.

විශේෂත්වය වන්නේ මෙය ඔහුගේ පළමු ටෙස්ට් තරඟය වීමයි.

ඒ අනුව පළමු ටෙස්ට් තරඟයේදී ශතකයක් වාර්තා කළ සිව්වැනි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වන්නටත් පැතුම් නිශ්ශංක සමත්වුණා.

අවසන් වරට මේ දස්කම මීට පෙර වාර්තා වී ඇත්තේ මීට වසර විස්සකට පෙරයි.

ඒ 2001 වසරේදී සිය කුළුදුල් ටෙස්ට් තරඟයේදී ශතකයක් රැස් කරමින් තිලාන් සමරවීර මෙම දස්කම සිදුකර තිබුණා.

ඇන්ටිගුවා හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේදී ශතකය වාර්තා කිරීම සඳහා පැතුම් පන්දු 270 කට මුහුණ දුන්නා.

එමෙන්ම පැතුම් නිශ්ශංක සහ කඩුලු රකින ක්‍රීඩක නිරොශන් දික්වැල්ල අතර පස්වන කඩුල්ල සඳහා ලකුණු 179 ක  සබඳතාවක්ද ගොඩනැගුනා.

හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෙකු වූ බ්‍රෙන්ඩන් කුරුප්පු මෙම දස්කම සිදුකළ පළමු ශ්‍රී ලාංකික crickecricket ක්‍රීඩකයා වන අතර ඔහු 1987 වසරෙදී නොදැවී ලකුණු 201ක් රැස් කලේ නවසීලන්ත කන්ඩායමට එරෙහිවයි.

ඉන් අනතුරුව 1992 වසරේදී තවත් හිටපු  ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෙකු වන රොමේෂ් කලුවිතාරණ සිය කුලුදුල් ටෙස්ට් තරගයේදීම ශතකයක් රැස් කලේ ප්‍රභල ඔස්ට්‍රේලියානු කන්ඩායමට එරෙහිවයි.

කලූ එම තරගයේදී නොදැවී ලකුණු 132ක් රැස් කලා.

ඉන් අනතුරුව 2001 වසරේදී තිලාන් සමරවීර නොදැවී ලකුණු 101 ක් රැස් කළේය ප්‍රභල ල ඉන්දීය කණ්ඩායමට එරෙහිවයි.

තිලාන් 2001 වසරේදී  මෙම දස්කම සිදුකරන විට පැතුම් නිශ්ශංක තුන් හැවිරිදි දරුවෙක්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ 6 වැනි කඩුල්ල ලෙස නිශ්ශංක දැවී ගියේය මුළු ලකුණු සංඛ්‍යාව 438 ක්ව තිබියදීයි.

ඔහු කෙමරූජ් ගේ පන්දු හමුවේ ලකුණු 103ක ට දැවී දැවී ගියා.

සිය ශතකය පේන මානයට  පැමිණි නිරෝෂන් දික්වැල්ල දැවී ගියේ ලකුණු 96 ක් ලබා සිටියදී.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 149 යි පන්දු 5 කදී ලකුණු 476 ක් රැස් කළා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ජයග්‍රහණය සදහා ලකුණු 375ක ඉලක්කයක් ඉතිරි කරමින්.

තරගයේ සිව්වන දිනය නිමා වන විට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් රැස් කර තිබුණා. ඒ අනුව ඔවුන්ට තරඟයේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 341 ලබා ගත යුතුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49