පැතුම්ට පළමු තරගය සහ මෙන්ඩිස්ට තරග දෙකම, අහිමි වන ලකුණු

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක හට සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අහිමි වන බවට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

පසුගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ කොදෙව් දූපත් හි පැවති ටෙස්ට් තරගාවලිය අතරතුර දී මැණික් කටුව ආශ්‍රිතව ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුට එංගලන්තයේ දී සැත්කමක් සිදු කෙරුණු අතර මේ වන විට ඔහු එම අබාධයෙන් සුවය ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

එම ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීගයේ 06 වන අධියර ද අහිමි වුණා.

මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර දී ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් හට ඉන්දීය තරගාවලියේ, තරග දෙකම අහිමි වන බවට ද වාර්තා වනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වන තෙක් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර තරගාවලියේ පළමු තරගය ලබන 15 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36