spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පැතුම්ගේ විශිෂ්ට එක්දින ඉනිමට ක්‍රිකට් ලෝකයෙන් ම සුබපැතුම් (ඡායාරූප)

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙක් වාර්තා කළ පළමු ද්විත්ව ශතකයේ වාර්තාව තම නම ඉදිරියේ ලියාගන්නට ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට ඊයේ හැකියාව ලැබුණා.

සංචාරක ඇෆ්ගනිස්ථානය සමඟ පල්ලෙකැලේ දී පැවති පළමු එක්දින තරගයේ දී ඔහු මෙම දස්කම දැක්වූවා.

ඊයේ තරගයේ දී පන්දු 139කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 210ක් රැස්කරන්නට පැතුම්ට හැකියාව ලැබුණු අතර, ඔහුගේ මෙම සුපිරි ඉනිමට දැවැන්ත හයේ පහර 08ක් සහ හතරේ පහර 20ක් ඇතුළත් වුණා.

පැතුම් ඊයේ රාත්‍රියේ බිඳ දැමුවේ මීට වසර 24කට පෙර ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු සනත් ජයසූරිය එක්දින තරගයක දී වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කරමින් තබා තිබූ වාර්තාවයි.

සනත් ජයසූරිය 2000 වසරේ දී ඉන්දියාවට එරෙහිව එක්දින තරගයක දී ලකුණු 189ක් රැස්කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් මීට පෙර වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කරගෙන සිටියා.

පැතුම් නිශ්ශංක ඊයේ (09) දැක්වූ මෙම දක්ෂතාවයත් සමඟ ක්‍රිකට් ලෝකයේ දැවැන්තයින් රැසක් ඔහුට සුබපැතුම් එක්කරමින් ඔහුගේ දක්ෂතාවය අගයන්නට සමාජ මාධ්‍ය ඔස්සේ කටයුතු කර තිබුණා.

2 2
3
4 1
5 1
6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
41
+1
0
+1
14
+1
1
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?