පැතුම්ගේ ආරම්භක සගයා ලෙස කමිල්, කුසල් මෙන්ඩිස් දිගටම අංක 03ට

සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරගාවලිය හෙට (07) දඹුල්ලේ දී ආරම්භ වනවා.

ඒ අනුව තරගාවලිය ආරම්භ වීමට ප්‍රථමව දෙරටේ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මාධ්‍ය හමුව අද (06) පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගළ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානකගෙන් විමසා සිටියා.

එහිදී ඔහු සඳහන් කර සිටියේ පාකිස්තානයේ පැවැත්වුණු විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ පැතුම් නිස්සංක සහ කාමිල් මිශාර ඉදිරියටත් ආරම්භ පිතිකරුවන් ලෙස යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

”මම හිතන්නේ කාමිල් මිශාර ඉතාමත් හොඳින් ක්‍රිඩා කරා පහුහිය තරගාවලියෙදී, අපිට අවස්ථාවක් එනවා කැරියර් එකෙදී, මොකද විශේෂයෙන්ම ජාතික කණ්ඩායමට සෙල්ලම් කරද්දී තමන් ක්‍රීඩා කරන ස්ථාන කැප කරන්න , ඉතින් කුසල් මෙන්ඩිස් තමන්ගේ තැන දීලා තියෙනවා කමිල් මීෂාරට, ඒ වගේම වගකීමක් අරන් තියනවා නොම්බර් තුනේ. ඉතින් එක ඉතාමත් හොද දෙයක්. මම හිතන්නේ දෙදෙනාම ඒ තැන්වල ක්‍රිඩා කරයි කියලා දිගටම” යැයි දසුන් ශාක වැඩිදුරටත් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18