spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පැතිර යන කතාවලට සරත් ෆොන්සේකා පිළිතුරු දෙයි

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ජනාධිපතිවරයා විසින් අගමැති ධුරය භාරගන්නා බවට ආරාධනා කර ඇති බවට සඳහන් පුවතක් හුවමාරු වෙමින් තිබෙනවා.
එම පුවත සාවද්‍ය පුවතක් බවයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසන්නේ.
ඔහු වැඩිදුරටත් පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ සිටින රජයක කිසිදු තනතුරක් ලබාගැනීම එක හෙලා ප්‍රතික්ෂේප කරන බවයි.

සරත් ෆොන්සාගේ අදහස පහතින්…

අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමඟ යැවීමේ උත්සාහය තරයේ හෙලා දකිමි.
ගෝටාභය රාජපක්ශ ජනාධිපති ලෙස සිටින රජයක කිසිදු තනතුරක් ලබා ගැනීම එක හෙලා ප්‍රතික්ෂේප කරමි .
සමස්ථ ශ්‍රීලාංකීය ජාතියම සාමකාමී අවිහිංසාවාදී පුරවැසි අරගලයක් හරහා ඉල්ලා සිටින ප්‍රධාන ඉල්ලීම් සමග මමත් කොන්දේසි විරහිතව සිටගනිමි.
ගාලුමුවදොර විරෝධතා භූමියේ සිට රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, දැයේ දුවාදරුවන්ගේ අනාගතය වෙනුවෙන් හඬ නගන ජනතාවගේ ඉල්ලීම් පිලිබදව අතිශයින් සංවේදී වෙමි.
ආරම්භයේ සිටම අරගලයේ නියුතු අභීත සටන්කාමී පුරවැසි දූදරුවන්ට හදවතින්ම ආශිර්වාද කල මම කිසිවිටෙකත් ගාලුමුවදොර අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ශලාගේ අර්බුදය විසදීමේ කොටස්කරුවකු නොවෙමි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
113
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?