spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‘පැණියක් පසුපස දිවීමෙන් රටේ මිනිසුන් මුලාවට පත් කරලා‘

ආයුර්වේද හෙළ පාරම්පරික වෙදකම පසෙකලා පැණියක් පසුපස දිවීම හේතුවෙන් රටේ මිනිසුන් මුළාවට පත්කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
.
“පැණිය කෝප්පයක් බිව්ව පියල් නිශාන්ත මහතාට අද කොවිඩ් වැළඳිලා. සෞඛ්‍ය ඇමතිවරිය ප්‍රසිද්ධියේ පැණිය බීලා පෙන්නනවා. මේවා පර්යේෂණ කරලා වාර්තාවක් ගන්න ඕනේ. ඕකට වහ දාලා ගෙනත් දුන්නනම් මොකද වෙන්නේ.

කිසිම හෙවිල්ලක් නෑ බොනවා. මොනවද මේ විකාර වැඩ. මේකෙන් ආයුර්වේදයත් හෑල්ලුවට ලක්වුණා.
 
පිළිගත් ආයුර්වේද වෛද්‍යවරු තමන් මේ රෝගය හොඳ කරන්න ඉල්ලුවත් රාජ්‍ය අනුග්‍රහය ඒවට ලැබුණේ නෑ. මේ පැණියක් පස්සේ දුවනවා. ඇමැතිත් ඒ පස්සේ යනවා. හරියට රයිගමයයි ගම්පොළයයි වගේ.”යනුවෙන් ද අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ කල්තැබීමේ යෝජනාවට එක්වෙමින් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?