පැඟිරිවත්ත ප්‍රදේශයේ නීතිඥවරියක් ඝාතනය කරයි

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මිය ගිය කාන්තාව වයස අවුරුදු 36 හැවිරිදි වියේ පසුවන අතර ඇය වෘත්තියෙන් නීතිඥවරියක්.

පොලිසිය සැක පල කරන්නේ, නිවසේ සිටි රියදුරු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

පැගිරිවත්ත විවේකාරාමය විහාරස්ථානය ආසන්නයේ මෙම නිවස පිහිටා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.