පාසැල් දරුවන්ට E-mail සැකසීමේදී දෙමවුපියන්‌ගේ දත්ත ඇතුළත් කරන්න එපා – පොලිසිය කියයි

පාසැල් දරුවන් වෙනුවෙන් විද්‍යුත් තැපෑල (E-mail) ගිණුම් සැකසීමේදී දෙමවුපියන්‌ගේ දත්ත ඇතුළත් නොකරන ලෙසත් දරුවන්ගේ නිවැරදි වයස ඇතුළු දත්ත ඇතුළත් කරන ලෙසත් පොලිස් අපරාධ අංශයේ උසස් නිලධාරීන් ප්‍රතිසංධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ප්‍රකාශ කළා.

මෙහිදී එම නිලධාරීන් පෙන්වා දුන්නේ පසුගිය කාලසීමාව තුළ මාර්ග ගත අධ්‍යාපනය ප්‍රචලිත වීම හේතුවෙන් දරුවන් සඳහා ජංගම දුරකථන (Smart Phone active) ඇතුළු පරිගණක උපාංග භාවිත කිරීමට ලබාදීම සිදු වූ බවයි.

නමුත් එසේ ස්මාර්ට් ජංගම දුරකථන ලබාදීමේදී සහ විද්‍යුත් තැපෑල ආරම්භ කිරීමේදී දෙමවුපියන්ගේ දත්ත මේ සඳහා ලබාදීම නිසා දරුවන්ට ඕනෑම වෙබ් අඩවියකට පිවිසීමට අවස්ථාව ලැබෙන බවයි මෙහිදී ඔවුහු පෙන්වා දුන්නේ. එලෙස

නොමැතිව දරුවන්ගේ නිවැරදි වයස ඇතුළු තොරතුරු ලබාදීම සිදු කරන්නේ නම් අන්තර්ජාල පද්ධතිය විසින්ම දරුවන්ට නුසුදුසු දර්ශන සහ වෙබ් අඩවි සොයාබැලීමේ හැකියාව සහ ප්‍රවේශය පාලනය කිරීම සිදු කරන බව නිලධාරීන් ප්‍රකාශ කළා.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ජාතික සංහිඳියාව හා ළමා හා කාන්තා කාර්යංශය සම්බන්ධව සිදු කරන වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රතිසංධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

එසේම දුරකථන භාවිතයේදී එම දුරකථන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අනුමත දුරකථනයක්දැයි පරීක්ෂා කිරීම වැදගත් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

TRCSL අනුමත දුරකථනයක් නම් යම් කිසි අපරාධමය ක්‍රියාවකට එම දුරකථන යොදා ගතහොත් ඒ සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු කිරීමේ හැකියාව එම කොමිසමට හැකියාව පවතින බවයි. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) ලියාපදිංචි කළ ජංගම දුරකතන තුළට සිම් පතක් ඇතුළත් කළ විට ඒ සම්බන්ධ තොරතුරු මෙම කොමිෂන් සභාවට ලැබෙනවා.

එබැවින් ජංගම දුරකථන මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) ලියාපදිංචිය සහිත ජංගම දුරකථන මිලදීගන්නා ලෙස මෙහිදී පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමද සිදු කරනු ලැබුවා.

තවද පොලීසිය විසින් ජාතික සංහිඳියාව හා ළමා හා කාන්තා කාරයංශය සම්බන්ධව සිදු කරන වැඩපිළිවෙළ පිළිබඳවද පුළුල් ලෙස මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25