ගිනිගත්හේන ජාතික පාසලේ සිසුන්, ගුරුවරුන් ඇතුළු හතළිස් පස්දෙනකුට මේ වනවිට කොරෝනා ආසාදිතව ඇති බැවින් ඔවුන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කොට තිබෙනවා.
මෙම හතළිස් පස් දෙනා අතර සිසුන් 18 දෙනකු, ගුරුවරුන් තිදෙනකු හා සිසුන්ගේ දෙමව්පියන් 24 දෙනකු සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
ගිනිගත්හේන ජාතික පාසලේ ක්‍රීඩා උත්සවය සඳහා මේ දිනවල සිසුන් පුහුණුවීම් සිදු කිරීම හේතුවෙන් කොවිඩ් වෛරසය මෙලෙස සීග්‍රයෙන් පැතිර ගොස් ඇති බව වෛද්‍යවරු සඳහන් කර සිටින්නේ.













