පාසැල්වලට ළමුන් ඇතුළත් කිරීම ගැන මානව හිමිකම් කොමිෂන් සභාව වාර්තාවක් කැඳවයි

පාසැල්වලට ළමුන් ඇතුළත් කිරීමේදී සිදුව ඇති අක්‍රමිකතා පිළිබදව දින 10ක් ඇතුළත සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්දයෙන් වන පැමිණිලි සලකා බැලූ එම කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හා ජාතික පාසල් අධ්‍යක්ෂවරයා කැඳවා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ පිළිබදව විමර්ශනයක් සිදුකර දින 10ක් ඇතුළත සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙසට එම නිලධාරීන්ට දැනුම් දුන් මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරි විමර්ශන කටයුතු මාර්තු 14 වැනිදා සිදුකරණ බව දැනුම් දුන්නා.