අපට උදව් කරපු කිසිම කෙනෙක් ඈත් කරන්න බැහැ – පොහොට්ටුවේ සංවත්සරයේදී අගමැති කියයි

අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ ඒ තරුණයෝ ඉන්නවද කියලා හොයලා බලන්න. ඒ පෝලිමට එකතුවෙලා ඉන්නවා නම් ආයෙත් මේ රටට කැඳවාගන්න පුළුවන් විදිහේ දේශපාලනයක යෙදෙන්න. ඒක තමයි පොදුජන පෙරමුණේ අපිට තියෙන ඓතිහාසික අනාගතවාදී කාර්යය භාරය බව අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන සංවත්සරයට එක්වෙමින් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

දේශපාලන පක්ෂ ලොකු කුඩා වුණත් දුෂ්කර අවස්ථාවල එක් අරමුණක් වෙනුවෙන් එකට එක පිලේ එක් අරමුණකට සටන් කළ අය මේ කවුරුවත් අපට ඈත් කරන්න බෑ. ඒ අය අපේ ආධාරක නෙමෙයි. අපේ කිහිලිකරුත් නෙමෙයි. ඒ අය අපේ අතකොළුත් නෙවෙයි. ඒනිසා එදා හිටපු සියලු පක්ෂ එක රෑනට එකට ඉන්න ඕනෑ. ඒ සමගිය රකින එක ප්රයධාන පක්ෂයේ අපේ වගකීම යැයි ශ්රීන ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.

තාප්පවල චිත්‍ර ඇඳලා දේශපාලනයෙන් රට අවලස්සන කරන්න එපා කිව්ව තරුණයන් අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ ඉන්නවාද කියලා හොයලා බලලා, එහෙම ඉන්නව නම් ඒ අය ආයෙත් මේ රටට කැඳවාගන්න පුළුවන් විධියේ දේශපාලනයක යෙදීම පොදුජන පෙරමුණට ඇති ඓතිහාසික අනාගතවාදී කාර්යය බවයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේ.

අපි තේරුම් ගන්න ඕනෑ අපිට ඡන්දය දුන් ජනතාව දැන් ඉන්නේ ඉතාම අපහසු දුෂ්කර තත්ත්වයක. මේ වාගේ දුෂ්කර කාලවලට මුහුණ දීලා මට නම් හොඳට පුරුදුයි. මේ වාගේ කාලවල නොකළ වැරදිවලට වුණත් ජනතාව බනින්නේ ආණ්ඩුවට. ඒක තමයි සිරිත.

ජනතාව බනින්න පුළුවන් පඹයො පුච්චන්න පුළුවන්. ඒත් අපි ජනතාව අතරට යන්න ඕනෑ. තමුන්නාන්සේලාට මතක ඇති කැබිතිගොල්ලෑවේ බස් බෝම්බය පුපුරපු වෙලාවේ මම එතැනට ගියා. ජනතාව දොස් කිව්වා. ඇඬුවා. මගෙන් ඉල්ලීම් කළා. මට එදා ඔවුන් සනසන්න පුළුවන් වුණා. ඒ අය ඉදිරියේදීම මම ජාතියේ ආරක්ෂාවේ වගකීම බාර ගත්තා.

ඒ වාගේම ඔබට මතක ඇති බේරුවල, අලුත්ගම සිද්ධිය. ඒ වෙලාවෙත් මම එතැනට ගියා. වුණ දේ දෑසින් දැක්කා.

ආණ්ඩුවේ වාගේම විපක්ෂයේ ඉන්නකොටත් මම එහෙමයි කටයුතු කළේ. පාස්කු ප්රවහාරය වෙලාවේ ආණ්ඩුවේ අය විනාස වුණ පල්ලියට යන්නත් කලින් මම එතැනට ගියා. ජනතාවගෙ ප්රපශ්නවලට ආවේගවලට මුහුණ දුන්නා. එහෙම දේශපාලනයක් අද අපිට වුවමනායි. පොදුජන පෙරමුණ ඒ වගකීම යුතුකම ඉටු කරන්න ඕනෑ, මෙහිදී අගමැතිවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝක කුසලාන පහස නොවිදම කදුළු සලමින් පිටියට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - උණුසුම්වන ෆිෆා තරඟය
01:48
Video thumbnail
හිරේ ඉන්න අය ආරක්ෂා කරන්නේ දේශපාලන චරිත සම්බන්ධවෙලා - කළු ආර්ථිකයක් තියෙනවා
05:57
Video thumbnail
රතනපුර පොලිසිය භූමිතෙල් යොදා ධාවනය වන බස් සේරම වටලයි - උඹලා බාගෙට දාලා ගහන්නේ ඇයි ?ගඳ එනවනේ පුතා
10:28
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි
00:19
Video thumbnail
කුලී නිවසක තිබී වයස අවු: 26ක තරුණියකගේ නිසල සිරුරක් හමුවෙයි
00:42
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි - තුවාලද කියලවත් බලන්නේ නෑනේ ?
00:42