spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාස්පෝට් නිකුත් කිරීම යළිත් හෙට සිට

තාවකාලිකව අත්හිටුවා තිබූ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු යළිත් හෙට (09) දිනයේ සිට ආරම්භ කරන බව ආගමන විගමන දෙපාර්තමේතුව සඳහන් කරනවා.

කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවය හෙට (09) දිනයේ දී ආරම්භ නොවන බවයි.

ඒ අනුව හෙට (09) දිනයේ දී පසුගිය 05,06,09 යන තෙදින තුළ සාමාන්‍ය සේවය යටතේ ගමන බලපත්‍ර ලබා ගැනීමට වේලාවක් වෙන්කරගත් පුද්ගලයින්ගේ අයදුම්පත් භාර ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් මැයි මස 10 වනදා සිට විදෙස් ගමන් බලපත්‍ර අයදුම්පත් භාරදීම සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වනවා.

පරිගණක පද්ධතියේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම පසුගිය දා තාවකාලිකව නවතා දමා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?