පාස්පෝට් නඩුවෙන් විමල් නිදොස්කොට නිදහස් (වීඩියෝ)

විදේශ ගමන් බලපත්‍ර නඩුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිදොස් කොට නිදහස් කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කර තිබෙනවා.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි විමල් වීරවංශ 2015.10.23 දින උදෑසන 2.00ට පමණ විදෙස් ගත වීම සඳහා ආගමන ව්ගමන දෙපාර්තමේන්තුව විසින් නිසිපරිදි නිකුත් කර තිබූ ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණා.

එහි දී ආගමන විගමන නිලධාරීන් විසින් දැනුම් දී තිබෙන්නේ එම ගමන් බලපත්‍රය අක්‍රීය කරන ලද ගමන් බලපත්‍රයක් බවට දත්ත පද්ධතියේ පෙන්නුම් කරන බවටයි.

එම බලපත්‍රයේ වලංගු වීසා පැවති බැවින් ඒ සමඟ ඒ වනවිට වලංගු ගමන් බලපත්‍රය රැගෙන පැමිණිය හොත් විදෙස්ගත විය හැකි බව එම නිලධාරීන් මන්ත්‍රීවරයාට ප්‍රකාශ කර තිබුණා.

මන්ත්‍රීවරයා එම අක්‍රීය ගමන් බලපත්‍රය ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කර පසුදින නව ගුමන් ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබෙනවා.

ඉන් පසුව පසුදින උදෑසන නව සක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයත් සමඟ වලංගු වීසා පවතින අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයත් රැගෙන නැවතත් ගුවන් තොටුපොළට පැමිණ ඇති බව සඳහන්.

එම අවස්ථාවේ දී ආගමන විගමන නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කළේ.

විමල් වීරවංශ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න පුනා පුනා ප්‍රශ්න කළේ, අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන පැමිණීම අපරාධමය වරදක් නම්, පළමු අවස්ථාවේදීම අත්අඩංගුවට නොගත්තේ ඇයි ද යන්නයි.

එමෙන්ම මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු විසින් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම පනත යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලීමක් ද සිදුකර තිබුණු අතර, එහිදී ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ, අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක පවතින වලංගු විසා භාවිත කර සක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක් මගින් විදේශගත වීමට හැකියාවක් පවතින බවයි.

එමෙන්ම මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ගමන් බලපත්‍රය අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර හෝ ව්‍යාජව සැකසූ එකක් නොවන බවත් ආගමන විගමන නිලධාරීන් සාක්ෂි ලබා දෙමින් පිළිගෙන තිබෙනවා.

එමෙන්ම නඩු පැවරීම සඳහා අනුමැතිය පවරා තිබුණේ සහකාර පොලිස් අධිකාරී වරයෙක්.

නමුත් අනුමැති පත්‍රයේ සඳහන් කර තිබෙන ආගමන විගමන පනතේ වගන්ති අනුව සහකාර පොලිස් අධිකාරීවරයාට අනුමැතිය ලබාදීමට බලයක් නොමැති වූ අතර, අනුමැතිය දිය යුතුව තිබුණේ ආගමන විගමන පාලකවරයායි.

ඒ, අනුව විත්තිකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉල්ලා සිටියේ මෙම කරුණු සියල්ලම සැළකිල්ලට ගෙන විත්තිය නොකැඳවාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව නිදොස් කොට නිදහස් කරන ලෙසයි.

එම ඉල්ලීම සළකා බැලූ මීගමුව මහේස්ත්‍රාත්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිදොස් කොට නිදහස් කිරීමට අද නියෝග කළා.

විත්තිය වෙනුවෙන්, නීතිඥ සජීව මීගහවත්ත, ප්‍රශාන් වික්‍රමරත්න, විනෙශ්කා මෙන්ඩිස්, තිළිණි පෙරේරා සමග ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26